සිව් වරක් පාපන්දු ලෝක ශූරතා දිනා ඇති ඉතාලිය 2018 ලෝක කුසලානයෙන් ඉවතට

තරගය ජය පරාජයෙන් අවසන් වීමෙන් පසු ඉතාලි ක්‍රීඩකයන් කදුළු සැලූ අන්දම

ලබන වසරේදී රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිව් වරක් පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටින ඉතාලියට සිදුව තිබේ.
ඒ පසුගියදා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයට අදාළව ස්වීඩනය සමග පැවැති දෙවන අදියරයේ තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙනි. (පළමු අදියරයේ තරගය ගෝල 1-0ක් ලෙස ස්වීඩනය ජය ගන්නා ලදි).
පාපන්දු ලෝක ශූරතාව 4 වරක්, අනුශූරතාව 2වරක්, තුන්වන ස්ථානය 1වරක් සහ සිව්වන ස්ථානය 1ක් වරක් දිනා ඇති පබල ඉතාලියට මෙලෙස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයකින් ඉවත් වීමට සිදුව ඇත්තේ 1958 වසරෙන් පසුව වීම විශේෂත්වයක් වන අතර මෙම පසුබෑමත් සමගින් ඉතාලි පාපන්දු රසිකයින් දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලිය පරදා ලද ජයත් සමගින් ස්වීඩනය පාපන්දු ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

 

 

හඩා වැලපුණු ඉතාලි කණ්ඩායමේ දැල් රකින්නා වූ බූෆන්

 

ඉතාලි පාපන්දු ලෝලීන්

 

ලෝක කුසලානයට සුදුසුකම් ලද ස්වීඩන් කණ්ඩායම