රග්බි ලොව උඩි යටිකුරු ජපනුන්ගේ හපන්කම

ජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේදී කාගෙත් අවධානම දිනා ගත් ජපානය අයර්ලන්තයට පරාජය කරමින් එම කාණ්ඩයේ පළමු තැනට පත්විය.
තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට අයර්ලන්තය සමත් වූයේ එම වටය ලකුණු 12-09 ක් වශයෙන් සත්කාරකයන්ව පසුපසට තල්ලූ කරමිනි. එහිදී ජපානයට දඩුවම් පහර තුනක් සමග ලකුණු රැුස් කළද අයර්ලන්තය උත්සහක දිනුම් දෙකක් සහ ප5වර්තනයක් සාර්ථක කර ගැනීමට සමත් විය.
සත්කාරක ජපන් කණ්ඩායම දෙවැනි භාගයේදී ආක‍්‍රමණකාරී ක‍්‍රීඩාවක නියැලෙමින් අයර්ලන්තය පීඩනයට නතු කර ගනිද්දී කෙන්කි ෆුක්කෝ ලබාගත් උත්සහක දිනුමත් සමග ජපානයට පෙරමුණ ගැනීමට සමත් විය. ඒ අනූව තරගය අවසානයේ ජපානය උත්සහක දිනුමක් සහ ප‍්‍රවර්තනයක් සාර්ථක කර ගනිද්දී දඩුවම් පහර හතරක් සමගින් ලකුණු ලබා ගෙන තිබුණි. අයර්ලන්තය උත්සහක දිනුම් දෙකක් සහ එක් ප‍්‍රවර්තනයක් සාර්ථක කර ගත්තේය.
මේ වන විට ‘බි’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ඉතාලියත්, ‘සී’ කාණ්ඩයෙන් එංගලන්තයත්, ‘ඞී’ කාණ්ඩයෙන් එංගලන්තයත් සමත්ව තිබේ. ‘ඞී කාණ්ඩය යටතේ ඊයේ පැවැති තරගයේදී පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ජෝජියාව සමත් වූ අතර ඔවුන් ලකුණු 19-07 ක් වශයෙන් උරුගුවේ පරාජය කර දැමුවේය.