ජෝඑල් විල්සන් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලි‍‍යේ විනිසුරු ලෙස නම් කෙරේ

පසුගියදා නිමාවට පත්වූ අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ආන්දෝලාත්මක තීරණ ලබාදීම නිසා විවේචනයට ලක්වූ කොදෙව් ජාතික ජෝඑල් විල්සන් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලිය සදහා විනිසුරුවරයෙකු ලෙස නම් කර තිබෙනවා.

ඔහු අළු බදුන තරගාවලියේදී වැරදි විනිසුරු තීරණ ලබාදීම නිසා අවසන් ටෙස්ට් තරග දෙකෙන්ද ඉවත් කිරීමටයි කටයුතු කළේ.

ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් බූන් ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කරනවා.

පාකිස්ථාන සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.