ශ‍්‍රී ලංකාවට එන එංගලන්ත පිලෙන් ආචර් හැලෙයි

ලබන මස ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නා වන ජොෆ්රා ආචර් ඉවත්කර තිබේ. ඒ ඔහුගේ වැලමිටේ අස්ථි බිඳීමක් හේතුවෙනි. එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමට නියමිතව තිබේ.
ආචර්ගේ දකුණු අතේ ඇතිවී ඇති අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් පසුගියදා නිමාවී දකුණු අප‍්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයද ඔහුට අහිමිව තිබේ. එම හේතුවෙන් සති කිහියක් විවේක ගැන්වීමට ආචර්ට සිදුව තිබේ.
මේ අතර එංගලන්තය ක‍්‍රිකට් ආයතනය පවසන්නේ, ‘‘ආචර්ගේ ආබාධය හේතුවෙන් ඔහුව ශ‍්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් මෙන්ම ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලියෙන්ද ඉවත්කර තිබෙනවා. නැවතත් ආචර්ට ජුනි මාසයේදී එංගලන්තයට එන කොදෙව් කණ්ඩායම සමග තරගාවලිය ක‍්‍රීඩා කරන්න හැකිවෙතැයි වෛද්‍ය කණ්ඩායම නිර්දේශ කර තිබෙනවා.’’ යනුවෙනි.