ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවට වසීම් අක‍්‍රම් සහ ජොන්ටි රෝඞ්ස් එයි


ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුවට සහ පන්දු රැුකීමේ පුහුණුවට ලොව හිටපු විශිෂ්ඨතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙපලක් වන වසීම් අක‍්‍රම් සහ ජොන්ටි රෝඞ්ස් ගෙන්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
ඒ අනූව ලබන මාසයේ ඔවුන් දෙදෙනා ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත අතර එහිදී දින දහයක පුහුණුවක් වසීම් අක‍්‍රම් සහ ජොන්ටි රෝඞ්ස් විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ලබාදෙනු ලබයි. එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් ඔවුන් දෙදෙනාව කෙටි කාලයකට හෝ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු යොදා තිබේ.
වසීම් අක‍්‍රම් සහ ජොන්ටි රෝඞ්ස් දෙදෙනාම දීර්ඝ කාලීනව පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට අකමැති වීමෙන් වරින් වරම ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලාපොරොත්තු වේ. එහිදී ශ‍්‍රී ලංකා පුහුණුකරුවන්ටද ඔවුන්ගේ දැනුම ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නව වැඩසටහනක් දියත් කර තිබේ.