බල්ලත් එක්ක ක‍්‍රිකට් ගහන නවසීලන්ත නායක විලියම්සන්

ලෝකයේ ක‍්‍රීඩා දින පොත නැවතී තිබේ. එවැනි කාල පරිච්ෙඡ්දයක ක‍්‍රීඩාංගණනවල මෙන්ම පුහුණුවීම්වල නිරන්තරව යෙදෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලැබී ඇති නිරෝධායන කාලය තුළ කර කියා ගත හැකි යමක් නොමැතිව ලත වෙමින් සිටිති. එවැනි කාලයක නවසීලන්ත ක‍්‍රිකට් නායක කෙන් විලියම්සන් සහ සුරතල් බලූ පැටියා සමග ක‍්‍රිකට් පුහුණුවේ යෙදෙන අයුරක් මෙසේ බී.බී.සී. කැමරා කාචයේ සටහන් වී තිබුණි.
‘‘ස්වයං හුදකලාවෙහි තවත් දවසක්, ක‍්‍රිකට් නැති තවත් දවසක්, මට පිස්සු හැදෙන්නේ නැත. කවුද කිව්වෙ මට පිස්සු කියලා… ‘‘අපිට නිවසේ රැුදී සිටීමට ක‍්‍රම සොයා ගැනීම දුෂ්කර වන අතර ක‍්‍රිකට් අතපසුවී නැති බවනම් පේනවා.’’ යැයි විලියම්සන් අදාළ ඡුායාරූපයට පිළිතුරු වශයෙන් සටහන් කර තිබුණි.
ක‍්‍රීඩකයන්ගේ කම්මැලිකම සමග සටන් කිරීමට ක‍්‍රිකට් තරු නිර්මාණශීලී වැඩවලට යෙදී ඇති බව ලෝක ක‍්‍රිකට් පිටියම ලොක් ඩවුන් කර ඇති සමයක පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ඔවුන් සිය යෝග්‍යතාව පවත්වා ගැනීමට විවිධ දේ කරන බවට විලියම්සන්ගේ ඡුායාරූපය කදිම සාක්ෂියකි.