හතුරුසිංහ සහ මහානාමගේ වාර්තාවක් වසර 27කට පසු කඩා දමයි

ටෙස්ට් ක‍්‍රිකට් තරගයකදී ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක් සිව්වැනි ඉනිමේදී පිහිටවූ හොඳම සබඳතාවයේ වාර්තාව අලූත් කිරීමට ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න (නොදැවී 71* සහ ළහිරු තිරිමාන්න (නොදැවී 57* අද (17 දා* ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී සමත් විය.
තිරිමාන්න සහ කරුණාරත්න එකතුව බිඳ හෙලනු ලැබුවේ වසර 27 ක් පැරණි වාර්තාවකි. මීට පෙර ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක් සිව්වැනි ඉනිමේදී පිහිටවූ ඉහළම සබඳතාවය වූයේ ලකුණු 110 යි. එම වාර්තාවේ අයිතිකරුවන් වූයේ රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහයි. ඔවුන් දෙදෙනා 1992 දී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී එම වාර්තාව තබා තිබුණි.
සිව්වැනි ඉනිමේ ආරම්භක කඩුල්ලේ වාර්තාව පිහිටවු දිමුත් සහ කරුණාරත්න නවසීලන්තයට එරෙහිව ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක් පැවැත්වූ හොඳම සබඳතාවද සටහන් කළේය. එම වාර්තාවද මීට පෙර තබා තිබුණේ චන්දික හතුරුසිංහ සහ රොෂාන් මහානාම එක්වයි. ඒ. 1992 දී එස්.එස්.සී. පිටියේදී නවසීලන්තය සමග පැවැති තරගයේදීය.
ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි ස්ථානයේ සිටින නවසීලන්තය පරාජය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව ලකුණු 268 ක ඉලක්කයක් හඹ යමින් සිටියි. තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට තිරිමාන්න සහ කරුණාරත්න ලකුණු 133 ක නොබිඳුනු සබඳතාවක් වාර්තා කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට තිබූ පහසු අවස්ථා තුනක් නවසීලන්ත පන්දු යවන්නන් අතින් ගිලිහී යෑමද විශේෂත්වයකි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවට අවසන් දිනයේදී ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 135 ක් ලබාගත යුතුව තිබේ.
නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 285 කට සීමා වූ අතර එහිදී බී.ජේ. වොට්ලින් (77* සහ විලියම් සමර්විල් (40* මැදපෙළින් ශ‍්‍රී ලංකාවට හිසරදයක් ගෙන දීමට සමත් විය. කෙසේ වෙතත් වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 99 කට කඩුලූ 4 ක්ද ධනංජය ද සිල්වා ලකුණු 25 කට කඩුලූ 3 ක්ද ළහිරු කුමාර ලකුණු 31 කට කඩුලූ 2 ක් සහ අකිල ධනංජය ලකුණු 84 කට එක් කඩුල්ලක් වශයෙන් දවා ගැනීමට සමත් විය.