ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට කොරියාව සමත් වෙයි

වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට කොරියාව සමත් වුණි.

ඒ අනුව මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම වන්නේ කොරියාවයි.

වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16දෙනාගේ වටයේ පළමු තරගය පැවැත්වුණේ කොරියාව සහ අන්ගෝලාව අතරයි.

තරගය ආරම්භ වී  මිනිත්තු 5කට පසු  කොරියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට උත්සහ කළත් එය සාර්ථක කර ගැනීමට හැකි වුණේ නැහැ.

නමුත් 33 වැනි මිනිත්තුවේදී කොරියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට එම් එස් චෝයි සමත් වුණි.

ඉන්පසු ඇන්ගෝලාව ගෝල වාර්තා කිරීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ.

ඒ අනුව ගෝල 1 ට 0 ක් ලෙස කොරියාවට පෙරමුණ හිමි කරදෙමින් පළමු අර්ධය නිමා වුණි.

තරගයේ දෙවන අර්ධයේදීද ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම සමත් වුණේ නැත.

ඒ අනුව පළමු අර්ධයේ රැස් කළ ගෝලය හේතුවෙන් ගෝල 1 ට 0 ක් ලෙස තරගයේ ජය හිමි වුනේ කොරියාවටයි.

මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම වන්නේ කොරියාවයි.