‘එල්.පී.එල්. ගහන්න අනුමැතිය ලැබුණා’ – තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික‍්‍රමරත්න කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ඩුබායි හී අයි.පී.ජී. ආයතනය එක්ව මෙම මසදී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනූව පැවැත්වීමට රජයේ අනුමැතිය හිමිවිය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නියෝජිතයන්, සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි, ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ක‍්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් අමල් එදිරිසූරිය ඇතුළු නිළධාරීන් අතර පැවැති සාකච්ඡුාවකින් පසුව එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට අවසරය හිමි විය.
විසේ ක‍්‍රීඩකයන්ට නිරෝධාන කාලය දින හතකට අඩු කිරීමට එහිදී බළධාරීන් එකඟ වුවද විකාශන සමාගමේ කාර්්‍ය මණ්ඩලය දින 14 ක් නිරෝධානය විය යුතුවේ. මේ අතර පල්ලකැලේ පැවැත්වීමට තිබු තරගත් සුරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වීමට තීරණය වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමග පැවැති සාකච්ඡුා සාර්ථක වූ බවත් තරගාවලිය පැවැත්වීමට හැකි සහය සියලූ දෙනාගෙන්ම ලැබුණු බවත් එල්.පී.එල්. අධ්‍යක්ෂ රවීන් වික‍්‍රමරත්න මහතා ‘ශ‍්‍රී ලන්කන් ස්පෝට්ස්’ කළ විමසීමකදී පැවසීය. ‘‘සාකච්ඡුාව ඉතාමත් සාර්ථකයි. සියලූ දෙනාගේම මතය වුණේ කොහොම හරි මේ තරගාවලිය තියන්න අවශ්‍යයි කියන එක. ඒ අනුව අද වන විට තරගාවලිය පැවැත්විය යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් නීති රෙගුලාසි සෞඛ්‍ය අංශ විසින් අපිට ලබාදෙයි. කොහොම වුණත් නියමිත දිනට තරගාවලිය පැවැත්වීමට බැරි වුණත් ඊට සතියක් හෝ ප‍්‍රමාද කරලා තරගාවලිය පවත්වන්න අපි දැන් සූදානම්.’’
රට තුළ උද්ගතවී ඇති කොරෝනා වසංගතය හමුවේ ක‍්‍රීඩකයන්, නිළධාරීන් සහ තරගාවලිය විකාශනය කරන සමාගමේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය නිරෝධාන ක‍්‍රම වෙන වෙනම ලබාදීමට නියමිතව තිබේ. ‘‘අපිට තරගාවලිය යොදාගත් පරිදි ලබන 21 වැනිදා පවත්වන්න බැරි විකාශනය කරන කාර්ය මණ්ඩලය දින 14 ක් නිරෝධානය කරන්න වෙන නිසා. නැතිනම් නියමිත දිනට ආරම්භ කරන්න පුළුවන් වෙනවා. කොහොමත් මේ මාසය අවසන් වෙන්න කලින් තරගාවලිය පවත්වනවා.’’ යැයි රවීන් වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.