Home CRICKET කාන්තා ක‍්‍රිකට් ලෝක ශූරියන්ගේ සල්ලි මල්ල 320% කින් වැඩි වෙයි

කාන්තා ක‍්‍රිකට් ලෝක ශූරියන්ගේ සල්ලි මල්ල 320% කින් වැඩි වෙයි

කාන්තා ක‍්‍රිකට් ලෝක ශූරියන්ට සහ අනුශූරියන්ට හිමිවන ත්‍යාග මුදල 320% කින් වැඩි කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ සිට අදාළ මුදල් වැඩිවීම සිදුවෙනු ඇත.

ලබන 2020 වසරේ පැවැත්වෙන කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියනයක් සහ අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 500,000 ක් ලබාදීමට නියමිතය.

2017 වසරේදී ශූරතාව සදහා ඇ.ඩො. 3.5 ක්ද අනුශූරතාව සදහා ඇ.ඩො. මිලියන දෙකක්ද හිමිව තිබේ. මේ අතර වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලානයක්ද පළමු වතාවට 2021 වසරේ සිට සෑම දෙවසරකට වරක් පැවැත්වීමට අයි.සී.සී. කටයුතු යොදා තිබේ.