Home CRICKET CLUB CRICKET තැනක් ගන්න මාලිංග සිව්දින ක්‍රිකට්වලටත් බසියි

තැනක් ගන්න මාලිංග සිව්දින ක්‍රිකට්වලටත් බසියි

BRISBANE, AUSTRALIA - NOVEMBER 03: Lasith Malinga of Sri Lanka bowls during day two of the match between the Queensland Bulls and Sri Lanka at the Allan Border Field November 3, 2007 in Brisbane, Australia. (Photo by Mark Kolbe/Getty Images)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටින ලසිත් මාලිංග සිය ශාරීරික යෝග්‍යතා පෙන්වීම සඳහා වසර ගණනාවකට පසු සිව්දින ක්‍රිකට් පිටියට පිවිස තිබේ. ඉකුත් සති අන්තයේ එන්.සී.සී. පිල නියෝජනය කරමින් සිව් දින ක්‍රිකට් පිටියට පිවිසි ලසිත් මාලිංග එහිදී ඉනිම දෙකේදීම යවා ඇත්තේ පන්දු ඕවර 10 ක් පමණි. ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව මාලිංග ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කරමින් පළමු ඉනිමේදී ඕවර අටක් යවා ලකුණු 24 කට කඩුලූ 2 ක් බිඳ දැමූ අතර ඔහු දෙවැනි ඉනිමේදී ඕවර දෙකක් පමණක් යැවීමෙන් පසුව පන්දු යැවීම අතහැර තිබේ.
ලසිත් මාලිංග පළමු පෙළ තරග 84 කදී කඩුලූ 585 ක් බිඳ දමා ඇති අතර ඔහු 2010 වසරේදී ටෙස්ට් පිටියට සමුදුන්නේය. ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියෙන් මාලිංගව විවේක ගැන්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියද ඔහුට ඊට පෙර ඩුබායි හී පැවැති පාකිස්තාන් සංචාරයද අහිමි විය.