Home CRICKET පන්දු හතරට ලෝක වාර්තා තුනයි…. ඒකත් වාර්තාවක්

පන්දු හතරට ලෝක වාර්තා තුනයි…. ඒකත් වාර්තාවක්

Sri Lanka's cricketer Lasith Malinga celebrates a hat-trick after dismissing New Zealand's cricketer Colin de Grandhomme during the third and final international Twenty20 cricket match between Sri Lanka and New Zealand at the Pallekele International Cricket Stadium in Kandy on September 6, 2019. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

පන්දු හතරක් තුළ ලෝක වාර්තා තුනක් පිහිටවු ලසිත් මාලිංග ජාත්‍යන්තර ක‍්‍රිකට් ලෝව වැඩිම කඩුලූ ත‍්‍රිත්වයන් සංඛ්‍යාවක් දවා ගත් වාර්තාවද තවත් දිගු කර ගැනීමට සමත් විය. ඔහුගේ පන්දුවලට කොච්චර ලකුණු ගියත් අවශ්‍ය දේ කිරීමට උත්සහ කිරීම තුළින් සාර්ථකත්වයට පත්වු බවද පවසයි.
‘‘මම බැලූවා පිට පිටම යෝකර් දෙකක් දාන්න පුළුවන්නම් ඇයි තුන දාන්න බැරි කියලා. ඊට පස්සෙ බැලූවා හතරත් දානවා කියලා. කඩුලූ හතරම ආවා. ඒකට මගේ ඔළුව හදා ගත්තා. කොහොමත් මගේ පන්දුවලට කොච්චර ලකුණු ගියත් මට අවශ්‍ය දේ කරන්න මම ට‍්‍රයි කරනවා.’’
සිය ක‍්‍රිකට් දිවියේ අන්තිම වසර කිහිපය ගෙවමින් සිටින ලසිත් මාලිංග ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයකදී දෙවැනි වරටත් කඩුලූ හතරක් ලබා ගත්තේය. ඔහු 2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව පිට පිටම පන්දු හතරකදී කඩුලූ හතරක් දවා ගනිමින් එවැනි දක්ෂතාවක් කළ ලොව පළමු ක‍්‍රීඩකයා බවට පත්විය. විස්සයි විස්ස තරගවලදී කඩුලූ සියයක් දවා ගත් පළමු ක‍්‍රීඩකයා වීම, විස්සයි විස්ස කඩුලූ ත‍්‍රිත්ව දෙකක් ලබා ගත් පළමු ක‍්‍රීඩකයා වීම සහ විස්සයි විස්ස තරගවලදී පිට පිටම කඩුලූ හතරක් දවා ගත් දෙවැනි පන්දු යවන්නාවීම යන වාර්තා තුනම මාලිංග පන්දු හතරකදී බිහි කළේය. මාලිංගට පෙර විස්සයි විස්ස තරගවලදී පිට පිටම කඩුලූ හතරක් දවා ගැනීමට ඇෆ්ගනිස්තානයේ පා දඟ පන්දු යවන රෂීඞ් ඛාන් සමත්ව තිබුණි. ඔහු එම දක්ෂතාව අයර්ලන්තයට එරෙහිව දක්වා තිබේ.
‘‘මගේ අන්තිම කාලයේදී කඩුලූ හතරක් ලබා ගැනීම ගැන සතුටක්. මම ගත්ත කඩුලූ හතර අපේ පොඩි ක‍්‍රීඩකයන්ට ආදර්ශයක් වෙන්න පුළුවන්. මොකද ඒ අයටත් කවද හරි මෙහෙම දෙයක් කරන්න ඕන කියන සිතිවිල්ලක ඇති වෙන්න ඇති.’’