කැපුනු මාලිංග ඇමැතිට කතා කරයි

ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටින ලසිත් මාලිංග තමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇමැතිවරයා සහ ලසිත් මාලිංග කිසිදු ප්‍රකාශයක් සිදු නොකළද ඇමැතිවරයා ඔහුව ඇමතූ බව හිතවතුන් පිරිසක් සමග පවසා තිබේ.
ජාතික කණ්ඩායමෙන් තමාව විවේක ගන්වන බව ප්‍රකාශ කිරීමට හේතුව තමා නොදන්නා බව පවසන ලසිත් මාලිංග 2020 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන බවද සදහන් කර සිටියි.
‘තේරීම් කමිටුව මාව තෝරා ගත්තොත්ද මම සූදානම් තරග කරන්න. නමුත් විවේක ගැන්වූ හේතුව මොකක්ද කියලා මමවත් තවම දන්නෙ නැහැ. අවුරුදු 25-26 ක ක්‍රීඩකයෙක් විවේක ගන්වන්නෙ ඔවුන්ට තරග ගොඩක් තියෙන නිසා විය හැකියි. නමුත් මගේ වයසේ ක්‍රීඩකයෙක් විවේක ගැන්වීමට අවශ්‍යතාවක් නැහැ මොකද මා දන්න දේ නිවාඩු යැවීමෙන් ගන්න බැහැ.’ යැයි මාලිංග පවසයි.