‘ලාස්ට් මෑන් ක්‍රිකට්’ ලෝක කුසලානයේදී අජන්ත මෙන්ඩිස්ලගෙන් තුන් ඉරියව් දක‍ෂතා

කණ්ඩායම් 48 ක් තරග වදින ‘ලාස්ට් මෑන්’ ක්‍රිකට් ලෝක ශුරතාව මේ දිනවල දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී පැවැත්වේ. තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා වෙනෝරා කණ්ඩායමේ නායක අජන්ත මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක‍ෂතා හේතුවෙන් පළමු වටය අපරාජිතව අවසන් කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
වෙනෝරා ශ්‍රී ලංකා පිල පළමු වටයේ අපරාජිතව ප්‍රසාද ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් විය. මෙන්ඩිස් නායකත්වය දරන ශ්‍රී ලංකා පිල පළමු වටයේදී මස්ට් නෙවා කාකා පිල ලකුණු 65 කින්ද ටී.එෆ්.සී. පිල ලකුණු 66 කින් සහ මරීනා සී.සී. පිල ලකුණු 100 කින් පරාජය කිරීමට සමත් විය. අදාළ තරගවලදි අජන්ත මෙන්ඩිස් පිත්තෙන් සහ පන්දුවෙන් දක‍ෂතා දැක්වූ අතර එක් තරගයකදී ඔහු පන්දු 24 කදී අර්ධ ශතකයක් ලබා ගත්තේය.
වෙනෝරා ශ්‍රී ලංකා ලාස්ට් මෑන් කණ්ඩායම
අජන්ත මෙන්ඩිස් (නායක), ලක්ෂිත මධුෂාන්, හෂාන් රන්දික, ජනිත් චතුරංග, ලක්ෂ එදිරිසිංහ, හිමාෂ ලියනගේ, නුවන්ත රත්නායක, ජනක සම්පත්, ප්‍රභාත් ජයවර්ධන