ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අලුත්ම ගුරුවරුන් එයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ඒ කණ්ඩායමේ පුහුණුකරු තනතුර වෙනුවෙන් නව බඳවා ගැනීම් ජනවාරි මස අවසන් වීමට පෙර සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක මණ්ඩලය පවසයි අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අධ්‍යක්ෂක මණ්ඩලය මේ වන විටත් පුහුණුකරුවන් කිහිප දෙනෙකු කෙරෙහි අවධානය යොමු කර ඇති මහේල ජයවර්ධන එහි ප්‍රධාන තේරීම් භාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ලබයි
ඉදිරියේදී ඇති ලෝක කුසලාන සහ කණ්ඩායම හරි මාර්ගයකට ගෙන යෑමට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ සිට සියලුම පුහුණුකරුවන් අලුතින් බඳවා ගැනීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අයඳාුම්පත්ද යොමුකර ඇත මේ අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ධුරයටද අයඳාුම් කර ඇති අතර එය බොහෝ දුරට ශ්‍රී ලාංකිකයකුට ලබාදීම කෙරෙහි අවධානය යොමුව තිබේ
ඒ අනූව ඒ කණ්ඩායමේ පුහුණුකරුවා ජාතික කණ්ඩායමේ පුහුණුකරු සමග මනා සහයෝගයකින් කටයුත කිරීමේ නව ක්‍රමයක් සකස් කිරීමටද ක්‍රිකට් අධ්‍යක්ෂක මණ්ඩලය සැලසුම් කර තිබේ