නවසීලන්ත ටෙස්ට් සංචිතයට එක්වූ ලුකී ෆ්ර්ගසන්

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කල නවසීලන්ත ටෙස්ට් සංචිතයට ලුකී ෆ්ර්ගසන් නම් කර තිබේ.

ලුකී ෆ්ර්ගසන් නවසීලන්ත ටෙස්ට් සංචිතයට කැදවු පළමු අවස්ථාව මෙයයි.

එංගලන්තය සමඟ පැවැත්විමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය ඊයේ නිවේදනය කළේය.

ඒ සඳහා 28 හැවිරිදි ලුකී ෆ්ර්ගසන් නම් කර තිබෙන අතර ඔහු නවසීලන්ත ටෙස්ට් සංචිතයට නම් කළේ පළමු වරටයි.

ලුකී ෆ්ර්ගසන් නිමාවට පත් වු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අවසන් කළේ එම තරගාවලියේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත් දෙවන ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එහිදී ෆ්ර්ගසන් තරග 11කදී දවා ගත් කඩුලු සංඛ්‍යාව 21ක්.

මේ අතර ආබාධයකට ලක්ව සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන් නැවතත් කණ්ඩායමට පැමිණ සිටින අතර නවසීලන්ත ටෙස්ට් සංචිතය මෙහෙය වීමේ වගකීම නැවතත් ඔහුට පැවරී තිබේ.