Home CRICKET මැච් නැති කාළෙත් මැතිව් වැඩ කරපු හැටි කියයි

මැච් නැති කාළෙත් මැතිව් වැඩ කරපු හැටි කියයි

මාස හතකටත් පසුව යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් තරග නොමැති කාලවලදීද සුපුරුදු පරිදි සිය පුහුණු කටයුතු පවත්වාගෙන ගිය බවත් එසේ නොවන්නට එක පාරටම ජාත්‍යන්තර තරගවලට මුහුණ දිය නොහැකි බවත් පවසයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී ආර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායම ඔසවා තැබු මැතිව්ස් වැඩිදුරටත් මෙසේ පැවසීය.
”මම ක්‍රීඩා කළේ නැති වුණාට ශාරීරික යෝග්‍යතාව සහ පිතිකරණ පුහුණුවීම් හැම තිස්සෙම කළා. මට පුළුවන් තරම් පුහුණුවීම් කළා. නැතිනම් එක පාරටම ජාත්‍යන්තර තරගවලට එන්න අමාරුයි. සතුටු වෙනවා කණ්ඩායමට යළිත් පැමිණීම ගැන.
”ගාලු තණතීරුව ලෙහෙසි පහසු නැහැ පිතිකරුවන්ට. මොකද එන්න එන්නම පිතිකරුවන්ට ගාලු තණතීරුව අමාරු වෙන නිසා තමයි අපි 350 ක් තියෙද්දී ඉනිම අත්හිටවුවේ.” යැයි පැවසු මැතිව්ස් කාලගුණයෙන් බාධාවක් නොවුණහොත් කොදෙව්වන්ව පරාජය කර දැමීම අපහසු නොවන බවද සඳහන් කළේය.