පිරිමි කේවල අංශයේ ශූරතාව ග්‍රීසියේ ස්ටෙෆානෝ සිට්සිපාස්

ලෝක ටෙනිස් සම්මේලන ශූරතා තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ග්‍රීසියේ ස්ටෙෆානෝ සිට්සිපාස් සමත් වුණි.

එම ලැබු ජයග්‍රහණයත් සමඟ මෙම ශූරතාව දිනාගත් ලාබලතම ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක්වුණේ.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල 6වැනි ස්ථානයේ පසුවන ස්ටෙෆානෝ සිට්සිපාස් සහ ශ්‍රේණිගත කිරීම් වල සිව්වන ස්ථානයේ පසුවන  ඩෙමිනික් තීම් අතරයි අවසන් මහා තරගය පැවැත්වුණේ.

තරගයේ පළමු වටය ලකුණු 7 ට 6 ක් ලෙස ජය ගැනීමට ඩෙමිනික් තීම් සමත් වුණි.

නමුත් තරගයේ දෙවන වටයේ පටන් තම ක්‍රීඩා විලාසයක යම් වෙනසකට ලක් කළ සිට්සිපාස් එම වටය ලකුණු 6 ට 2 ක් සහ  7 ට 6 ක් ලෙස ජයගත්තේය.

ඒ අනුව වට 2 ට 1 ක් ලෙස ජය ගත් සිට්සිපාස් ලෝක ටෙනිස් සම්මේලන ශූරතා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වුණි.

මෙම ශූරතාව දිනාගත් ලාබාලතම ක්‍රීඩකයා වන්නේ ස්ටෙෆානෝ සිට්සිපාස්.