Home CRICKET ලුතිනන් කර්නල් දෝනිගෙන් අලුත් වැඩක්

ලුතිනන් කර්නල් දෝනිගෙන් අලුත් වැඩක්

ඉන්දියානු හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට ඉන්දියානු ලූතිනන් කර්නල් ධුරය හිමිව තිබේ. ඔහු කාශ්මීරයේ බාමුල්ල දිස්ත්‍රික්කයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවී වටිනා උපදෙස් ලබාදීමට කටයුතු කර තිබේ. අදාළ කර්තව්‍ය ඔහු විසින් කර තිඛෙනනේ සිය කර්නල් ලුතිනන් ඇඳුමින් සැරසීවීමද විශේෂත්වයකි.
දක‍ෂතා මත ඉදිරියට යා හැකි බවත් ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් එහිදී යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට දොනි උපදෙස් දී ඇති අතර පාසල් සිසුන් අන්තර් ක්‍රියාකාරකම් සඳහා යුද හමුදා පාසලේදී පුහුණුවීම් කළ යුතු බවටද දෝනි පවසා තිබේ.
‘මම බැඩ්මින්ටන්, හොකී සහ පාපන්දු ක්‍රීඩා කළා. එය මාගේ ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කරගන්න උපකාරී වුණා.’ යනුවෙන් දෝනි වැඩිදුරටත් පවසා තිබේ.

මහේන්ද්‍ර සිං දෝනි උපදෙස් දෙන අයුරු