Home VOLLEYBALL අවසන් සටන් යුද හමුදාවට වැරදුනු මන්චී ජාතික වොලිබෝල් ශුරතාව

අවසන් සටන් යුද හමුදාවට වැරදුනු මන්චී ජාතික වොලිබෝල් ශුරතාව

පිරිමි ශූරතාව දිනා ගත් ලංකා විදුලිබල මණ්ඩලය කණ්ඩායම
කාන්තා ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම

ජාතික ක්‍රීඩාවට පණ දෙමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන 2017 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය කණ්ඩායම සමත් වෙද්දී එහි කාන්තා ශූරතාව ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.
මහරගම තරුණ සේවා ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් වටයේ තරගවලදී අවසන් මහා තරග සඳහා ප්‍රේක‍ෂකයන්ගේ විශේෂ උනන්දුවක් තිබු අතර එහිදී යුද හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකටම අවසන් මහා තරගවලදී පරාජයට පත්වීමට සිදුවීමේ දෛවපෝගාතද සිද්ධියක් හරහට සිටින්නාක් මෙනි.
කෙසේ වෙතත් පිරිමි අවසන් මහා තරගයේදී යුද හමුදා පිරිමි කණ්ඩායම තරග වට 3-0 කින් පරාජය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සමත් විය. අදාළ අවසන් මහා තරගයේ ලකුණු තත්ත්වය අවසන් වූයේ 25-11, 25-16 සහ 25-29 ක් වශයෙනි.
කාන්තා ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර කරට කර සටනක් නිර්මාණය විය. එහිදී ශූරයන් තේරීම සඳහා තරග වට හතරක් පැවැත්වූ අතර පළමු වටය 25-21 ක් වශයෙන් ගුවන් ක්‍රීඩිකාවන්ට ජය හිමිවිය. දෙවැනි වටය 25-18 ක් ලෙස ජය ගත් යුද හමුදාවට කරට කර පැමිණියේය. තෙවැනි වටයේ ජයද සන්තකයකට ගත් ගුවන් හමුදාවට හිමිවිය. තෙවැනිවටය 35-33 ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ජය ගත් අතර සිව්වැනි වටයෙන්ද ලකුණු 25-15 ක පහසු ජයක් ගුවන් ක්‍රීඩිකාවන්ට හිමිවිය.
ප්‍රධාන තරගාවලියට සමගාමීව පැවැති අධුනික පිරිමි හා කාන්තා ශුරතාවන් පිළිවෙලින් ගාල්ල එස්.එල්.ඕ.සී. ක්‍රීඩා සමාජය සහ ගලිගමුව සිරි පැරකුම් ක්‍රීඩා සමාජය විසින් දිනාගත්හ.
එම පිරිමි අවසන් මහා තරගයේදී එස්.එල්.ඕ.සී. කණ්ඩායම හමුවේ තරග වට 3-2 කින් (22-25; 27-25; 18-25; 25-22; 11-15) ජයගත් අතර එම කාණ්ඩයේ කාන්තා අවසන් තරගයේදී බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය හමුවේ තරග වට 3-0 කින් මහ උස්වැව රතනපාල ක්‍රීඩා සමාජය තරග වට 3-0 කින් (25-20; 25-21; 25-18) පරාජය විය.

විශේෂ සම්මාන
සුපර් ලීග් පිරිමි
දක්ෂතම ප්‍රහාරකයා – එච්.ජී.එම්.ප්‍රේමරත්න (ල.වි.ම)
දක්ෂතම ආවරණය කරන්නා – එස්.පී.ඒ.අයි. පතිරණ (ල.වි.ම)
දක්ෂතම ඔසවන්නා – පී.කේ.චතුරංග (ල.වි.ම)
දක්ෂතම පිටිය රකින්නා – ඒ.ඩබ්ලිව්.ලක්මාල් (ලං.වි.ම)
දක්ෂතම පිරිනමන්නා – ඉසුරු මධුෂාන් (ශ්‍රී ලංකා යුද හමුදාව)
දක්ෂතම ලබාගන්නා – කේ.ඩී.එස්.විමලසේන (ල.වි.ම)
දක්ෂතම ක්‍රීඩකයා – ඩී.රොමේෂ් රණවක (ල.වි.ම.)

සුපර් ලීග් (කාන්තා)
දක්ෂතම ප්‍රහාරිකාව – ඒ.එල්.ඒ.ඒ. සඳමාලි (ගුවන් හමුදාව)
දක්ෂතම ආවරනය කරන්නිය – ෙජ්.පී.ඒ.මධුරිකා (යුද හමුදාව)
දක්ෂතම ඔසවන්නිය – ඩබ්ලිව්.ඒ.ඩී.ජයතුංග (ගුවන් හමුදාව)
දක්ෂතම පිටිය රකින්නිය – ඩී.එම්.ටී.කේ.දිසානායක (යුද හමුදාව)
දක්ෂතම පිරිනමන්නිය – ඒ.එල්.ඒ.ඒ.සඳමාලි (ගුවන් හමුදාව)
දක්ෂතම ලබාගන්නිය – බී.එම්.එස්.මධුරංගා (ගුවන හමුදාව)

ආධුනික (පිරිමි)
දක්ෂතම පන්දු ඔසවන්නා – ජී.පී.දුෂ්‍යන්ත (එස්.එල්.ඒ.ඕ.එල්.)
දක්ෂතම ප්‍රහාරකයා – ෙජ්.එච්.උදයන්ත (ගෝල්ඩර්න් ටයිගර්)
දක්ෂතම ක්‍රීඩකයා – පී.එච්.ජී.ආරියරත්න (එස්.එල්.ඒ.ඕ.එල්.)

ආධුනික (කාන්තා)
දක්ෂතම පන්දු ඔසවන්නිය – එම්.පී.එස්.පී.විෙජ්සිංහ (සිරිපැරකුම්)
දක්ෂතම ප්‍රහාරිකාව – එස්.ජී.ඩී.එච්.සේනාරත්න (සිරි පැරකුම්)
දක්ෂතම ක්‍රීඩිකාව – එච්.පී.එන්.එස්.ගුණවර්ධන (සිරි පැරකුම්)

අනුශුරතාව දිනා ගත් යුද හමුදා පිරිමි කණ්ඩායම

 

අනුශුරතාව දිනා ගත් යුද හමුදා කාන්තා කණ්ඩායම