Home CRICKET මුරලි, ටෙන්ඩුල්කාර්, ලාරා, කලීස් සහ ෂෙවාර්ග් යළිත් ක‍්‍රිකට් පිටියට

මුරලි, ටෙන්ඩුල්කාර්, ලාරා, කලීස් සහ ෂෙවාර්ග් යළිත් ක‍්‍රිකට් පිටියට

ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගත් ක‍්‍රිකට් තරු සහභාගී කරවමින් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව ඇත. ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වන සචින් ටෙන්ඩුල්කාර් සහ වැඩිම කඩුලූ ලාභියා වන මුත්තයියා මුරලිදරන්ද මෙම තරගාවලියට සහභාගි වීමට එකගතාව පළ කර තිබේ.
පෙබරවාරි 2 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන අදාළ තරගාවලිය සදහා කණ්ඩායම් පහක් සහභාගී වන අතර එ් වෙනුවෙන් තරග වැදීමට මේ වන විට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගත් සුපිරි ක‍්‍රිකට් තරු 110 දෙනකු කැමැත්ත පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
මීට අමතරව බ්‍රෙට් ලී, බ‍්‍රයන් ලාරා, ජැක් කලීස්, විරේන්ද්‍ර ෂෙවාර්ග් සහ ශිවනරීන් චන්ද්‍රපෝල් සහභාගි වන බව දැනටමත් නිවේදනය කර තිබේ.
ටෙස්ට් ක‍්‍රීඩා කළ රටවල විශ‍්‍රාම ගිය ක‍්‍රීඩකයන් පමණක් මෙම තරගාවලියට සහභාගි වන අතර එහිදී අදාළ කණ්ඩායම් පහ ඉන්දියන් ලෙජන්ඞ්ස්, ඔස්ටේ‍්‍රලියා ලෙජන්ඞ්ස්, දකුණු අප‍්‍රිකා ලෙජන්ඞ්ස්, ශ‍්‍රී ලංකා ලෙජන්ඞ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඞ්ස් යනුවෙන් නම් කර තිබේ.
මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණ ලෙස සදහන් වන්නේ ඉන්දියාවේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කරනු ලබන වැඩ සටහන් වලට ආධාර ලබාදීමය. තරගාවලිය සංවිධානය කිරීමට මහරාශ්ඨ ප‍්‍රාන්ත මාර්ග ආරක්ෂ කණ්ඩායම සහ තවත් කළමණාකරන ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබයි. තරගාවලිය නියෝජනය කරන විශ‍්‍රාමික ක‍්‍රීඩකයන්ට ගෙවීම් අදාළ කණ්ඩායම්වල අනුග‍්‍රහක ආයතන විසින් දරනු ලබයි.