Home CRICKET නව වසරේ පළමු ශතකය ඩෙවෝන්ට

නව වසරේ පළමු ශතකය ඩෙවෝන්ට

2022 නව වසරේ පළමු දිනයේදීම ශතකයක් වාර්තා කිරීමට නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ සමත් විය. ඒ බංග්ලාදේශය සමග මවුන්ට් මොන්ගානිහිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට නවසීලන්තය අවස්ථාව ලබාදුන් අතර එහිදී අංක තුන පිතිකරුවා වශයෙන් පැමිණි ඩෙවෝන් කොන්වේ පන්දු 227 කදී හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 122 ක් ලබා ගත්තේය. තරගයේ පළමු දිනය අවසන් වන විට නවසීලන්තය කඩුලු පහකට ලකුණු 258 ක් ලබා සිටියි.