Home CRICKET ලොකු ගාණක් ගහන්න තිබ්බට සැලසුමක් තිබුණෙ නැහැ – දික්වැල්ල කියයි

ලොකු ගාණක් ගහන්න තිබ්බට සැලසුමක් තිබුණෙ නැහැ – දික්වැල්ල කියයි

Sri Lanka's Niroshan Dickwella plays a shot , during their second day of the second cricket test at St. George's Park in Port Elizabeth, South Africa between South Africa and Sri Lanka Friday Feb. 22, 2019. (AP Photo/Michael Sheehan)

 

ජයග‍්‍රහණය වෙනුවෙන් දෙවැනි ඉනිමේදී කිසිදු සැලැස්මක් නොතිබු බවත් පන්දුව එන විදිහට ගහන එක කිරීම එකම සැලසුම බවත් දික්වැල්ල පවසයි. ඔහු ලකුණු 65 ක් ලබාගෙන දැවී ගියද ඉදිරියේදී ශතක දෙක තුනක් ලබා ගන්නා බවද පවසයි.
‘‘අපිට දවස ඉවර වෙන කොට මෙතන ඉන්නවා කියන සැලැස්මක් තිබුණෙ නැහැ. මැදට ගිහිල්ල පන්දුව එන විදිහට ගහන එක තමයි හැම පිතිකරුවකුගෙම තිබුණෙ. දවස ඉවර වුණාට පස්සෙ තමයි අපි කොතනද ඉන්නෙ කියලා බලන්නෙ. ආරම්භක පිතිකරුවන් යන්නෙ පන්දුව පරණ කරලා හොඳ ආරම්භයක් අරන් දෙන්න. ඊට පස්සෙ තමයි අපි බලන්නෙ කඩුලූ වැටෙන වෙලාවට මොකද කරන්නෙ කියලා. මම යන විට ලකුණු 97 කට කඩුලූ පහක් වැටිලා තිබුණා. ගිය ගමන් මම පන්දු කිහිපයක් අපහසුතාවට පත් වුණා. ඊට පස්සෙ ඕෂධත් එක්ක කතා කරලා ධනාත්මක පහරවල් එල්ල කරන්න තීරණය කළා. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු ලකුණු ගාණක් හඹා යනකොට මුල් පෙළ පිතිකරුවන් හොඳ අත්තිවාරමක් ලබා දෙන්න ඕන. ඒක අපිට මේ ඉනිමේදී වැටුණෙ නැහැ.’’
‘‘ඇත්තටම මම ශතකයක් ගහන්න බලාපොරොත්තුවෙන් ක‍්‍රීඩා කරන්නෙ නැහැ. නමුත් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ශතක දෙක තුනක් ලබා ගන්න. මේ තණතීරුවේ තෙවැනි සහ සිව්වැනි දිනයේදී පිතිකරුවන්ට හොඳ වුණා. නමුත් පාකිස්තාන් පන්දු යවන්නන් පන්දු රකින්නන් යොදවලා තියෙන ස්ථානයටම පන්දු යැව්වා. විශේෂයෙන් කියන්න ඕනම මම රිවර් ස්විප් පහරින් දැවී ගියත් මම ලකුණු ලබා ගත්තෙ ඒ පහරින්. මට ඉස්සරහින් බිමින් සහ උඩින් ගහනවට වඩා ඒ පහර මට විශ්වාසයි. පුහුණුවීම්වලදී මම ඒ පහර ගොඩක් පුහුණු වෙනවා.’’