Home tennis australian open ජොකොවිච් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළ ඩැහැ ගනී – video

ජොකොවිච් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළ ඩැහැ ගනී – video

ඊයේ (27) ඔස්ට්‍රේලියාවේ රොඩ් ලීවර් ටෙනිස් පිටියේදී අවසන් වූ පිරිමි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා අවසන් මහා තරඟයේදී  සර්බියාවේ නොවැක් ජොකොවිච් සිය අඛණ්ඩව තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළ හා  වාර්ථාගත හත්වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනා ගන්නට ඊයේ (27) සමත් වූවා. ඒ ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රාෆායෙල් නඩාල් ලකුණු 6-3 ක් , 6-2 ක් සහ 6-3 ක් ලෙස පරාජය කරමින්.

31 හැවැරදි නොවැක් ජොකොවිච් ට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් ව පරාජයට පත් කිරීමට පැය දෙකකුත් මිනිත්තු 4ක කාලයක් ගත වුන අතර මීට පෙර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය හය වතාවක් දිනා සිටි රෝයි එමර්සන්ගේ සහ රොජර් ෆෙඩරර් ගේ වාර්ථා බිඳ දැමීමට ඔහුට හැකිවිය. ඊයේ දිනාගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානය සමඟ ජොකොවිච් දිනා ඇති සම්පූර්ණ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 15කි. දැනට ඔහුට වඩා ඉදිරියෙන් පසුවන්නේ රොජර් ෆෙඩරර් සහ රෆායෙල් නඩාල් පමණි. ඔවුන් දෙදෙනා දිනා ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන සංඛ්‍යාව පිළිවෙලින් 20 ක් හා 17 ක්.

රොඩ් ලීවර් ටෙනිස් පිටිය.

 



නොවැක් ජොකොවිච්


රෆායෙල් නඩාල්
තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

සටහන : නුවන් ජයතිස්ස