Home CRICKET ‘අයි.සී.සී. තීන්දුවට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යනවා’ – නුවන් සොයිසා කියයි

‘අයි.සී.සී. තීන්දුවට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යනවා’ – නුවන් සොයිසා කියයි

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් කරන ලද පරීක්ෂණයේ වාර්තාව සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් නොවන බැවින් ඉදිරියේදී ජාත්‍යන්තර කී‍්‍රඩා බේරුම්කරණ අධිකරණයට ගොස් හෝ අදාළ තීන්දුව සම්බන්ධව සාධාරණය ඉටු කර ගැනීමට ක‍්‍රියා කරන බව නුවන් සොයිසා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
ජාතික කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම අනතුරුව පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළ නුවන් සොයිසාව චෝදනා තුනක් යටතේ වැරදිකරු කරමින් අයි.සී.සී. ය නිවේදනයක් නිකුත් කරනු ලැබීය. නමුත් අදාළ චෝදනා ඔප්පු වු හැටි හෝ ඒ සම්බන්ධව සොයිසාට ලබාදෙන දඩුවම සම්බන්ධව ඔවුන් මෙතෙක් පැහැදිලි කර නොමැත.
‘‘මේ තීරණය සම්බන්ධයෙන් මා කොහෙත්ම එකඟ වන්නේ නෑ. මට වුන අසාධාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටියේ මමයි. කිසිම විටෙක මම තරග පාවාදීලා නැහැ. ඒ නිසා ජාත්‍යන්තර ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණය දක්වා හෝ මේ සිදුවීම ගෙනගොස් සාධාරණය ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා.’’ යැයි නුවන් සොයිසා වැඩිදුරටත් පැවසීය.
2018 වරේදී නුවන් සොයිසාට එල්ල වු ¥ෂණ විරෝධී චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඒ අනූව අයි.සී.සී. යේ ස්වාධීන ¥ෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව සොයිසා කරුණු තතුනක් මුල් කරමින් වැරදිකරු කර තිබේ.
එහිදී අයි.සී.සී. ¥ෂණ විරෝධී පනතේ 2.1.1 වගන්තිය යටතේ තරග ප‍්‍රතිඵලය, ප‍්‍රගතිය, නුසුදුසු ලෙස වෙනස් කිරීමට සැලසුම් කිරීම හා බලපෑම් කිරීමට එකඟවීම මෙන්ම උත්සහ කිරීම යටතේද 2.1.4 වගන්තිය යටතේ 2.1 උල්ලංඝණය කිරීම සඳහා දායක වන ලෙසට ඕනෑම කෙනෙකුගෙන් සෘජුවම හෝ වක‍්‍රව ඉල්ලීම, පොළඹවා ගැනීම, උපදෙස්දීම, ඒත්තු ගැන්වීම හා දිරි ගැන්වීමට අදාළවද 2.4.4 වගන්තිය ප‍්‍රකාරව අයි.සී.සී. යේ ¥ෂණ විරෝධී නීති සංග‍්‍රය යටතේ ¥ෂිත හැසිරීම්වල යෙදීමට ලැබුණු ආරාධනා පිළබඳ දැනුවත් නොකිරීම සම්බන්ධවද නුවන් සොයිසා වැරදිකරු කර තිබේ.
පාකිස්තාන් ක‍්‍රිකට් ක‍්‍රීඩක උමාර් අක්මාල්ටද එරට ක‍්‍රිකට් ආයතනය විසින් මේ හා සමාන චෝදනාවකට වසර තුනක තහනමක් පැනවූ අතර ඊට එරෙහිව කටයුතු කළ අක්මාල් අධිකරණ ක‍්‍රියාමාර්ගයකින් පසුව අදාළ තහනම මාස 18 දක්වා අඩු කර ගත්තේය. නමුත් එම තීන්දුවෙන්ද තමා සෑහීමකට පත් නොවන බවත් තමා නිර්දෝෂි බවත් පැවසු උමාර් අක්මාල් ජාත්‍යනතර ක‍්‍රීඩා බේරුම්කරණය දක්වා අදාළ ප‍්‍රශ්නය ගෙන ගිය අතර එහි තීන්දුව ඉදිරි මාස කිහිපයේදී ලැබීමට නියමිතය.
මීට පෙර ශී‍්‍ර ලංකාවේ කුසල් පෙරේරාට තහනම් උත්තේජක චෝදනාවක් සම්බන්ධයෙන් වසර පහක තහනම් අයි.සී.සී.ය විසින් පැනවූ අතර ඊට එරෙහිව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු කරමින් අදාළ ප‍්‍රශ්නය ජාත්‍යන්තර ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණය දක්වා ගෙන ගොස් වන්දියක්ද ලබා ගනිමින් තහනමෙන් නිදහස් විය. එබැවින් නුවන් සොයිසාද සිය නීතිඥයා වන ක‍්‍රිස්මාල් මහතාගේ මාර්ගයෙන් අදාළ ප‍්‍රශ්නය දුරදිග ගෙන යෑමට සැරසී සිටියි.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30 කදී කඩුලූ 64 ක්ද එක්දින තරග 95 කදී කඩුලූ 108 ක්ද ලබා ගත් නුවන් සොයිසා වේගපන්දු පුහුණුකරුවකු වශයෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග කටයුතු කරමින් සිටියදී අදාළ සිද්ධියට මුහුණ දුන්නේය. මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී 2017 වසරේ පැවැති ටී 10 තරගාවලියකදී කොන්දේසි 4 ක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අයි.සී.සී.ය විසින් ඔහුට එරෙහිව තවත් පරීක්ෂණයක් සිදුකරමින් පවතියි. නමුත් එම තරගාවලියට සොයිසාව පිටත්කර යවා ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අනුදැනුම මත වුවද ඔහුට චෝදනාව ගොනු වන්නේ එමිරේට්ස් ක‍්‍රිකට් මණ්ඩලය හරහා වීම විශේෂත්වයකි.