Home CRICKET චාලි ඔස්ටින්ට උඩින් තවත් ක‍්‍රිකට් කළමණාකරුවෙක් එයි

චාලි ඔස්ටින්ට උඩින් තවත් ක‍්‍රිකට් කළමණාකරුවෙක් එයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට අලූත් කළමණාකරුවකු හමුවී ඇති අතර චාලි ඔස්ටින්ගේ ක‍්‍රීඩකයන් බොහොමයක් දැන් එම අලූත් කළමණාකාරුවා සමග රාජකාරී කටයුතු කරන බව සඳහන් වේ.
සාමී නැමැති අදාළ කළමණාකරුවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සමග සමීපව ඇසුරු කරන අතර චාලි ඔස්ටින්ට එල්ල වන කළමණාකරු මාෆියාවට පිළියමක් ලෙස මෙම අලූත් කළමණාකරුවා පත්ව ඇතැයි සඳහන් වේ. මේ වන විටත් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක්ගේ කළමණාකරුවා ලෙසද මොහු පත්ව ඇතැයි වාර්තා වේ.
නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ටද මොහු විවිධ අදහස් ඉවත් කර ඇති අතර වාර්ෂිකව ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ලැබෙන ආදායම් මොහු විසින් සකස් කරමින් ක‍්‍රීඩකයන්ට සමීපව ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ක‍්‍රීඩකයන්ගේ වැඩ කටයුතු කිරීම සඳහා කළමණාකරුවකු අවශ්‍ය වුවද එය නිසි ක‍්‍රමවේදයට සිදු නොවීමෙන් පසුගිය කාලයේ ක‍්‍රිකට් කළමණාකරුවන්ව දැඩි විවේචනය එල්ල විය.