Home BASKETBALL ශ‍්‍රී ලංකා පැසිපන්දු මුල් පුටුවට සුදේශ් රූපසිංහ

ශ‍්‍රී ලංකා පැසිපන්දු මුල් පුටුවට සුදේශ් රූපසිංහ

පසුගියදා පැවැති ශ‍්‍රී ලංකා පැසිපන්දු සංගමයේ සභාපතිවරයා වශයෙන් සුදේශ් රූපසිංහ තේරීපත්විය. ඔහු හිටපු පැසිපන්දු ක‍්‍රීඩකයකු වන අතර හිටපු ආසියානු සහ ශ‍්‍රී ලංකා කායවර්ධන ශූරයකු වන දිවංගත රොබට් රූපසිංහ මහතාගේ වැඩිමහල් පුත‍්‍රයාද වේ.
රූපසිංහ මහතා මීට පෙරද මලල ක‍්‍රීඩා සංගම්වල තනතුරු හොබවා ඇති දක්ෂ පරිපාලකයකි.
නව නිලධාරී මඩුල්ල
සුදේශ් රූපසිංහ (සභාපති)
තුසිත යටිගම්මන (ලේකම්)
බුද්ධික කුමුදප්පෙරුම (උප සභාපති)
චන්න පෙරේරා (උප සභාපති)
රනිල් සුරංග (තරග පැවරුම් ලේකම්)
ජී. බුද්ධිකා (භාණ්ඩාගාරික)
අජිත් කුමාර, ජනක ප‍්‍රනාන්දු, ක‍්‍රිස්ටෝපර් කරුණාසිංහ, චරිත දොඩංගොඩ, සුජීවා විජේවීර සහ ප‍්‍රදීප් ලක්මාල් (කමිටු සාමාජිකයන්)