Home CRICKET ඉන්දියානු ක්‍රිකට් ඔටුන්න රාහුල්ට

ඉන්දියානු ක්‍රිකට් ඔටුන්න රාහුල්ට

විරාට් කෝලි එක්දින නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු නිත්‍ය නායකයා ලෙස පත් කළ රෝහිත් ශර්මා ආබාධයකට ලක් වීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලෝකේෂ් රාහුල්ට පැවරෙයි.

ශර්මා නිත්‍ය නායකයා ලෙස පත් වීමෙන් පසු ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ පළමු තරගාවලිය මෙයයි.

මේ තරගාවලිය සඳහා නම් කළ සංචිතයට හිටපු නායක විරාට් කෝලි ද ඇතුළත් කර ඇති අතර, කණ්ඩායමේ උප නායකයා ලෙස ජස්ප්‍රීට් බුම්රා පත් කර තිබේ. වසර 4කට පසු රවිචන්ද්‍රන් අශ්වින් මේ සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයක් වන අතර, පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය පිල මෙහෙයවූ ශිකර් ධවාන් ද මේ කණ්ඩායමට ඇතුළත්ව සිටී. දෙපිල අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතය.