රග්බි ලෝක කුසලාන පළමු අවසන් පුර්ව තරගය අද නවසීලන්තය සහ එංගලන්තය අවසන් සටනට සිහින මවයි

නව වැනි රග්බි ලෝක කුසලානයේ පළමු අවසන් මහා තරග වරම ලබන ප‍්‍රතිවාදියා තීරණය කරනු ලබන අවසන් පූර්ව
තරගය අද එංගලන්තය සහ නවසීලන්තය අතර ජපානයේ යොකෝහාමා ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර
එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 2 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
දෙවැනි අවසන් පූර්ව තරගය 27 දා එම ක‍්‍රීඩාංගණයේදීම පැවත්වන අතර එහිදී සටනට පිවිසෙන වේලසය සහ දකුණු
අපි‍්‍රකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවේ.

නවසීලන්තය වෙනුවෙන් අවසන් පූර්ව තරගයට පිවිසෙන කණ්ඩායම කලින්ම ඔවුන් ඉදිරිපත් කළ අතර පාදයේ ආබාධයකට ලක්ව සිටි නවසීලන්ත කණ්ඩායමේ නායකයාද මේ වන විට සුවය ලබා තිබේ.මෙවර රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පැමිණි කණ්ඩායම් හතරම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් හතරට
පත්ව සිටීමද විශේෂත්වයකි. එහිදී නවසීලන්තය පළමු තැන සිටින අතර දෙවැනි තැන සිටින එංගලන්තයද අද තරගයේ
ජයග‍්‍රහණය උදුරා ගැනීම මාන බලමින් සිටියි. එහෙත් රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරග අවස්ථාව වැඩි වරක් හිමිකරගත් නවසීලන්තය 1987 පළමු රග්බි ලෝක කුසලාන දිනා ගැනීම සමග සිව්වරක් අවසන් මහා තරග අවස්ථාව උදාකරගෙන තිබේ. එහිදී ඔවුන් තෙවරක් ශූරතාවද එක් වරක් අනුශූරතාව හිමිකරගෙන ඇත.

එංගලන්තය 2003 දී රග්බි ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමයි. ඔවුන් ඊට අමතරව 1991 සහ 2007 වසරවලදී අවසන් මහා තරගයට පැමිණියද අනුශූරතාවයෙන් සෑහීමකට පත්ව තිබේ. ඉකුත් වසඳො⁄4 රග්බි ලෝක ශූරයන් වන නවසීලන්තය සහ එංගලන්තය අවසන් පුර්ව තරගය දක්වා අපරාජිතව පිවිස තිබේ.