ජයසුරියට ශෛල්‍යකර්මයකට ඔස්ට්‍රේලියාවට යයි

හදිසියේ දණහිසේ ආබාධයකට ලක්වූ සනත් ජයසූරිය අදාළ ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද (04 දා) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි.
මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් කිහිළිකරු මගින් ජයසූරිය සති කිහිපයක් සිය නිවසේ ඇවිද ගිය අතර ඔහුට ක්‍රීඩා කරන කාලයේදී මෙවැනි ආබාධයකට ගොදුරු නොවුනද දණහිසේ අස්ථී ගෙවී යෑමකින් මෙම ආබාධය ඇතිවී ඇති බව වාර්තා වේ.
සනත් ජයසූරිය මසක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේදී ප්‍රතිකාර ගැනීමට නියමිත අතර එහිදී ශෛල්‍යකර්මයකටද ඔහු භාජනය වේ. ජයසූරිය මීට වසර දෙකකට පෙර හෘද රෝගයක් හේතුවෙන්ද නව ලෝක රෝහලේදී ශෛල්‍යකර්මයකට ලක්විය.