Home CRICKET කුමාර් සංගක්කාර ලක්ෂ 38 ක අතුරුපසක් යෙහාලිට කවයි

කුමාර් සංගක්කාර ලක්ෂ 38 ක අතුරුපසක් යෙහාලිට කවයි

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර විසින් සිය බිරිඳ වන යෙහාළි වෙත රුපියල් ලක‍ෂ 38 ක වටිනාකමින් යුත් අතුරු පසක් පිළිගන්වා තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උත්සවයකදී මෙම සිදුවීම සිදුවී ඇත. මෙහි මූල්‍ය අනුග්‍රහය රජය විසින් දරා තිබේ.
සූපවේදී විරාජ් ජයරත්න විසින් සකස් කරන ලද මෙම අතුරු පස මැරී මී නමින් සකස් කර තිබේ. මෙම අතුරු පස සකස් කිරීමට විදේශීය රටවලින්ද අමුද්‍රව්‍ය ආනයනය කළ බවත් අතුරු පස භාජනයෙහි කුඩා නෙළුම් කුලූනක් මත වටිනා මැණික් ගලක්ද තැන්පත්කොට තිබුණු බවත් සඳහන් වේ.