සාෆ් ගිය ශ්‍රී ලංකා අවු 18 න් පහළ පාපන්දු ඔටුන්න සෙනල්ට

නේපාලයේ පැවැත්වෙන වයස අවු 18 න් පහළ සාෆ් පාපන්දු ශූරතාවට සහභාගී වන ශ්‍රී ලංකා පිලේ නායකත්වයේ ඔටුන්න සෙනල් සන්දේශ්ට ලබාදී තිබේ.ඔහුගේ උපනායකයා වශයෙන් මොහොමඩ් මුස්ෆිර් නම් කර ඇත.

අදාළ තරගාවලිය ඉලක්ක කරමින් 30 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයක් තේරු අතර ඉන් අවසන් විසි දෙනා සාෆ් තරගාවලියට සහභාගී වීම සදහා 18 වන දා දිවයිනෙන් පිටත් විය.තරගාවලිය 20 දා සිට ලබන 29 වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් හතක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව සහභාගී වන ‘බී’ කාණ්ඩයට කණ්ඩායම් තුනක්ද ‘ඒ’ කාණ්ඩයට කණ්ඩායම් හතරක්ද අයත් වේ.එහිදී ‘බී’ කාණ්ඩය යටතේ පළමු වටයට සහභාගී වන ශ්‍රී ලංකාව අද දින (21) බංග්ලාදේශය සමගත් 23 වැනිදා ඉන්දියාව සමගත් තරග වැදීමට නියමිතය.’ඒ’ කාණ්ඩයෙන් නේපාලය,භූතානය,මාලදිවයින සහ පකිස්තානය තරග වදිනු ලබයි.

අවසන් පූර්ව තරගය ලබන 27 වැනිදාත් අවසන් මහා තරගය සහ තෙවැනි ස්ථානය වන තරගය ලබන 29 වැනිදාත් නේපාලයේ ඒ.පී.එෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.