නව වාර්තාවක් සමකිරීමට මාන බලමින් සිටින ෂෙරීනා විලියම්ස්

සුපිරි ඇමරිකානු ටෙනිස් ක්‍රීඩිකාවක් වන ෂෙරීනා විලියම්ස් අද ආරම්භවීමට නියමිත ඔස්ට්‍රේලියාවේ  විවෘත ටෙනිස් ශූරතාවලියේදී නව වාර්තාවක් සම කිරීමට සූදානමින් සිටිනවා.

ඒ ඔස්ට්‍රේලියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකාවක් වන මාගරට් කෝට් විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24 ක් දිනාගෙන තබා තිබෙන වාර්තාව සම කිරීමයි.
ෂෙරීනා විලියම්ස් මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනාගෙන ඇති අතර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා 07ක්, ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා 03ක්, විම්බල්ඩන් ශූරතා 07ක් සහ ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතා 06ක් සමගින් වීම විශේෂත්වයක්.
සටහන : නුවන් ජයතිස්ස