Home tennis ෂරපෝවා ගේ සිහින බිඳ වැටෙයි – (වීඩීයෝ සහිතයි)

ෂරපෝවා ගේ සිහින බිඳ වැටෙයි – (වීඩීයෝ සහිතයි)

22 හැවැරදි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈෂ්ලියා බර්ටි ඊයේ (20) ලෝක ටෙනිස් පිටියේ ප්‍රභලතම ක්‍රීඩිකාවක් වන පස් වතාවක්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා ඇති රුසියාවේ මාරියා ෂරපෝවාට එරෙහිව ලකුණු 4-6ක් , 6-1ක් සහ 6-4ක් ලෙස පෙරළිකාර ජයක් වාර්ථා කරමින් පළමු වතාවට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වූවාය.

සිය ටෙනිස් දිවියේ වැදගත් මෙන්ම විශාලතම තරඟයට මුහුණ දුන් ඈෂ්ලියා බර්ටි වට තුනකින් නිමාවට පත්වූ මේ තරඟයේ පළමු වටයේදී ෂරපෝවා අතින් පරාජයට පත් වුනත් දෙවැනි හා තුන්වෙනි වට වලදී තම අඩුපාඩු නිවැරදි කරගෙන ජයග්‍රහණය අත් කර ගත්තේ ෂරපෝවාව අන්ද මන්ද කරවමිනි. මෙල්බන් නුවර රොඩ් ලේවර් ටෙනිස් පිටියේ පැවති මේ තරඟයෙන් ලැබූ විශ්මිත ජයග්‍රහණයෙන් පසුව ඈෂ්ලියා වාර්ථා පොතට එක්වූයේ වසර 2009දී ජෙලීනා ඩොකික්ගෙන් පසුව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් අට දෙනා අතරට එක්වූ පළමු ක්‍රීඩිකාව ලෙසටය.
“ඇය ඇත්තටම ශූරියක්. ඇය ලෙහෙසියෙන් පරාජය භාරගන්නා ක්‍රීඩිකාවක් නෙමෙයි. ඒ නිසා මට පරිස්සමින් ක්‍රීඩා කරන්න සිදුවන බව මම දැන සිටියා. මගේ ක්‍රීඩාලෝලීන් හමුවේ මෙවැනි ලෝක පූජිත ක්‍රීඩිකාවක් පරාජය කිරීමට ලැබීම ආඩම්බරයක්” යැයි තරඟයේ ජයග්‍රහණයෙන් පසුව ඈෂ්ලියා බර්ටි පැවසුවාය.
“ඈෂ්ලියා ඉතා හොඳින් ක්‍රීඩා කළා. දෙවැනි හා තුන්වැනි වටවලදී නැවත හිස ඔසවාගන්න මට අවස්ථා කිහිපයක් ලැබුනත් එය සාර්ථක වුනේ නැහැ. ඇය විශිෂ්ඨ ක්‍රීඩිකාවක්. ඇය පුදුම විශ්වාසයකින් ක්‍රීඩා කළේ” සිය පරාජයෙන් පසුව මාරියා ෂරපෝවා එසේ කීවාය.
ඊයේ (20) දිනයේදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟ බිමේ 07 වැනි දිනය ලෙස නිමාවට පත් වන විට සිව්වන වටයේ තරඟ වල තවත් පෙරළිකාර සිදුවීම් රැසක් වාර්ථා වුනා. ලෝක ටෙනිස් කාන්තා ශේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන ජර්මනියේ ඇන්ජලික් කෙබර් ලකුණු 6-0 ක් සහ 6-2 ක් ලෙස ඉතා පහසුවෙන් පරාජය කිරීමට ඇමරිකාවේ ඩැනියෙලා කොලින්ස් සමත් වීමය.
මේ අතර ඇමරිකාවේ අමන්දා ඇනිසිමෝවා ලකුණු 6-2 ක් සහ 6-1 ක් ලෙස පරාජය කරමින් චෙක් රාජ්‍ය යේ පෙට්රා ක්විටෝවා අවසන් අටදෙනා අතරට තේරී පත්වූ අතර ලෝක පිරිමි ටෙනිස් ශේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් ලකුණු 6-0 ක් , 6-1 ක් සහ 7-6 ක් ලෙස චෙක් රාජ්‍ය යේ තෝමස් බර්ඩ්ච් පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඈෂ්ලියා බර්ටි

ඩැනියෙලා කොලින්ස්


ඇන්ජලික් කෙබර්

මාරියා ෂරපෝවා සහ ඈෂ්ලියා බර්ටි අතර තරඟයේ විශේෂ අවස්ථා 

සටහන : නුවන් ජයතිස්ස