පුහුණු තරඟයට ශ්‍රී ලංකාවෙන් පන්දු යවන්නන් 14 දෙනෙක් භාවිතා කරයි.

ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල සමග පැවති පුහුණු තරඟය ජය පරාජයෙන් තොරව නිමා විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 411/8 පිළිතුරු වශයෙන් ඉන්දීය පිල කඩුළු 5ක් දැවී ලකුණු 287 ක් ලබා තිබියදී තරඟය නිමාවිය . මෙම තරඟයේ විශේෂත්වය නම් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වර 75 යැවීම සඳහා පන්දු යවන්නන් 14 දෙනෙකු යොදවා ගැනීමයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය ලබන 16 වෙනිදා පැවැත්වීමට නියමිතව ඇත.