Home CRICKET වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානයට සුදුස්සෙක් නැති සම්මාන උළෙලේ චමරි බැබළෙයි

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානයට සුදුස්සෙක් නැති සම්මාන උළෙලේ චමරි බැබළෙයි

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු සම්මානයට පාත‍්‍රවීමට තරම් දක්ෂතා දැක්වීමට පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් අසමත් බව වෝටර්ස් ඒජ් හී පැවැති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඒ අනූව එම සම්මානය මෙවර කිසිවකුට හිමි නොවුණද කාන්තා කණ්ඩායමේ චමරි අතපත්තු සම්මාන පිට සම්මාන හතරකින් පිදුම් ලබමින් වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව සම්මානය දිනා ගත්තාය.
සම්මාන ලැයිස්තුව
වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු – දිමුත් කරුණාරත්න
වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – ඩිල්රුවන් පෙරේරා
වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක‍්‍රීඩකයා – ධනංජය ද සිල්වා
වසරේ දක්ෂතම එක්දින පිතිකරු – කුසල් පෙරේරා
වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා – ලසිත් මාලිංග
වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩකයා – තිසර පෙරේරා
වසරේ දක්ෂතම විස්සයි විස්ස පිතිකරු – තිසර පෙරේරා
වසරේ දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නා – ලසිත් මාලිංග
වසරේ දක්ෂතම විස්සයි විස්ස තුන් ඉරියව් ක‍්‍රීඩකයා – ඉසුරු උදාන
වසරේ නැගී එන ක‍්‍රීඩකයා – පැතුම් නිශ්ශංක

කාන්තා අංශය
වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය – චමරි අතපත්තු
වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය – ඕෂදී රණසිංහ
වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩිකාව – චමරි අතපත්තු
වසරේ දක්ෂතම විස්සයි විස්ස පිතිකාරිණිය – චමරි අතපත්තු
වසරේ දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නිය – ශෂිකලා සිරිවර්ධන
වසරේ දක්ෂතම විස්සයි විස්ස තුන් ඉරියව් ක‍්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන
වසරේ කි‍්‍රකට් ක‍්‍රීඩිකාව – චමරි අතපත්තු

දේශීය අංශය (පිරිමි)
පළමු පෙළ ටියර් ‘ඒ’
දක්ෂතම පිතිකරු – ඕෂධ ප‍්‍රනාන්දු (හලාවත මේරියන්ස්)
දක්ෂතම පන්දු යවන්නා – මාලින්ද පුෂ්පකුමාර (සී.සී.සී.)
දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා – සචිත‍්‍ර සේරසිංහ (ටැමිල් යුනියන්)
ශූරතාව – සැරසන්ස් කී‍්‍රඩා සමාජය
අනුශූරතාව – කොළඹ ක‍්‍රිකට් සමාජය

පළමු පෙළ ටියර් ‘බී’
දක්ෂතම පිතිකරු – දමිත් පෙරේරා (කුරුණෑගල යොවුන්)
දක්ෂතම පන්දු යවන්නා – දිනුක් හෙට්ටිආරචචි (පොලිස්)
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා – ගීත් කුමාර (ලංකන්)
ශූරතාව – නාවික හමුදාව
අනුශූරතාව – ලන්කන් ක‍්‍රීඩා සමාජය

පළමු පෙළ සීමිත පන්දුවාර ශූරතාව
දක්ෂතම පිතිකරු – සචිත‍්‍ර සේනානායක (එස්.එස්.සී.)
දක්ෂතම පන්දු යවන්නා – නිශාන් පීරිස් (රාගම)
දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා – සචිත‍්‍ර සේනානායක (එස්.එස්.සී.)
ශූරතාව – කොළඹ ක‍්‍රීඩා සමාජය
අනුශූරතාව – එස්.එස්.සී.

පළමු පෙළ විස්සයි විස්ස
දක්ෂතම පිතිකරු – දිනේෂ් චන්දිමාල් (එන්.සී.සී.)
දක්ෂතම පන්දු යවන්නා – මාලින්ද පුෂ්පකුමාර (සී.සී.සී.)
දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා – සීකුගේ ප‍්‍රසන්න (යුද හමුදාව)
ශූරතාව – එන්.සී.සී.
අනුශූරතාව – මුවර්ස්

පළමු පෙළ කාන්තා
දක්ෂතම පිතිකාරිණිය – යසෝදා මෙන්ඩිස් (ගුවන් හමුදාව)
දක්ෂතම පන්දු යවන්නිය – ඉනෝකා රණවීර (නාවික හමුදාව)
දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩිකාව – චමරි පොල්ගම්පොල (ගුවන් හමුදාව)