Home CRICKET ක්‍රිකට් ඡන්දයට වාග් ප්‍රහාරය

ක්‍රිකට් ඡන්දයට වාග් ප්‍රහාරය

ලබන 07 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා තරග කරන ප්‍රධාන පාර්ශ්ශව දෙක වන ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා යන පාර්ශ්ශව විසින් මාධ්‍ය හමු පවත්වමින් දෙපිරිසට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියි.
ජයන්ත ධර්මදාස මහතා පවසන්නේ තමන් මාස තුනකින් ක්‍රිකට් හදන හැටි පෙන්වන බවත් ඔහුගේ පැත්තෙන් අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ නිශාන්ත රණතුංග වැනි ක්‍රිකට් ප්‍රවිණයන් සිටින බවත්ය. නමුත් ප්‍රතිවාදී මොහාන් ද සිල්වාගේ පාර්ශ්ශවයෙන් පවසන්නේ ජයන්ත ධර්මදාස මහාතට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට සදාචාර අයිතියක් නොමැති බවත් ඔහුට නිලවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබීම ප්‍රහේලිකාවක් බවයි.
කෙසේ වෙතත් නිලවරණ කමිටුව විසින් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් 25 දෙනාව මේ වන විට නිල වශයෙන් නම් කර තිබේ. ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ශ්ශවයට අර්ජුන රණතුංග, නිශාන්ත රණතුංග, කේ.මතිවානන්, සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග වදින අතර මොහාන් ද සිල්වාගේ පාර්ශ්ශවයෙන් ෂම්මි සිල්වා, රවීන් වික්‍රමරත්න යන අය තරග වදිනු ලබයි.