ආතල් නැති ආතර් කොරෝනා කාලයේදීත් වැඩ කරයි


ලෝකයේම ක‍්‍රීඩාව කොරෝනා වසංගතය හේතුවෙන් නින්දට ගොස් තිබුණි. නමුත් මිකී ආතර් නැමැති ශ‍්‍රී ලංකාවේ වත්මන් ප‍්‍රධාන පුහුණුකරු ඒ සෑම දිනකම අවදියෙන් සිටිමින් ක‍්‍රීඩකයන්ටද නිදා ගැනීමට නොදුන්නේය. ඔහු ඔන්ලයින් පන්ති පවත්වමින් සිය රාජකාරිය කළේය. ක‍්‍රීඩකයන්ට මොට වීමට ඉඩ නොදුනි. ඇත්තටම මිකී ආතර් කොරෝනා කාලයේදී මොනවද කළේ. මේ ඔහු සමග පැවැති සංවාදයකි
ප‍්‍රශ්නය : කිසිදු ක‍්‍රියාකාරකමක් කිරීමට නොහැකි තත්ත්වයක් තිබියදී ඔබ කී‍්‍රඩකයන්ව නඩත්තු කළේ කෙසේද?
පිළිතුර : අපිට ක‍්‍රීඩකයන් 30 ක් විතර ඉන්නවා. නිසැක වශයෙන්ම ඇඳිරිනීතිය නිසා ඔවුන් නිවසට වී සිටියා. අපිට ඉන්නවා ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා වැනි ක‍්‍රීඩකයන්. ඔවුන්ට තමන්ගේ නිවෙස්වල අංග සම්පූර්ණ ව්‍යායාම ශාලාවක් තියෙනවා. නමුත් තරුණ කොල්ලන්ට එතරම් පහසුකම් නැහැ. ඒ නිසා අපේ කාර්ය මණ්ඩලය විසින් ක‍්‍රීඩයින්ට ලබාගත හැකි පහසුකම් මත පදනම්ව පුහුණු වැඩසටහන් සකස් කර තියෙනවා. අපේ ක‍්‍රීඩකයන් ඔවුන්ගේ ශාරීරික පුහුණුවීම් කරන අතර මම ගොඩක් වෙලාවට ඔවුන් සමග ඉදගෙන කටයුතු කරනවා. පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලය සමග සන්නිවේදනය කරමින් එක් එක් ක‍්‍රීඩකයන් වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මම මේ කණ්ඩායම සමග මාස තුනක් ගත කර තියෙන නිසා ක‍්‍රීඩකයන් කවුැන්ද සහ ඔවුන්ව ඉදිරියට ගෙනියන්නේ කෙසේද කියා දන්නවා. මම ක‍්‍රීඩකයන් වෙනුවෙන් සකස් කළ සැලසුම් කිහිපයක් ඔවුන් සමගත් සාකච්ඡුා කර තියෙනවා. මේ කාලයේ ඔවුන්ව කි‍්‍රයාශීලීව තබා ගැනීමට මම උත්සාහ කර තියෙනවා.
ප‍්‍රශ්නය : ඔබ ක‍්‍රීඩකයන් වෙනුවෙන් ඔන්ලයින් පන්ති ක‍්‍රමයක් ආරම්භ කළාද?
පිළිතුර : ක‍්‍රීඩකයන් පුහුණුවන විට මට ඔවුන් සමග විශාල සන්නිවේදනයක් තියෙනවා. ඔවුන්ට මා සමග බොහෝ දේ බෙදා ගැනීමට සිදුවී ඇති අතර එමගින් ක‍්‍රීඩකයන්ගේ සැලැස්ම අනෙක් පුහුණුකරුවන් සමග එක්ව කිරීමට මම ඉඩ ලබාදී තියෙනවා. මම මගේ අදහස ඔවුන් සමග බෙදාගෙන තියෙනවා. අපි නොදන්නා අවධියකයි සිටින්නේ. මේ කාලයේදි අපේ වට්ස්ඇප් ගෲප් එක කියවීම සෑම දෙනාටම සෑම දිනකම වගකීමක් තියෙනවා. ඒ මගින් ක‍්‍රීඩකයන් ඉන්න තැන ඉදලා ඔවුන්ගේ මිතුරන් සමග යාවත්කාලීන කර ගැනීමට උත්සහ කර තියෙනවා. මා සතු සියලූ තොරතුරු මම ඔවුන් වෙත යවා තියෙනවා. අපට විශාල සන්නිවේචනයක් තියෙනවා. ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසුව අපිට පුහුණුකරන්න අවස්ථාව ලැබෙයි. නමුත් අවසර ලැබෙන්නේ ක‍්‍රීඩකයන් සුළු සංඛ්‍යාවක් ගෙන ඒමට පමණයි. ඒ නිසා අපිට මුලින්ම වේග පන්දු යවන්නන්ව ගෙන්න ගන්න වෙනවා.
ප‍්‍රශ්නය : මේ වසරේ ඉදිරි කාලයේදී ප‍්‍රමාණවත් තරම් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න ලැබේද යන්න අනුමාන කිරීමට අපහසුයි. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර : මම හිතනවා අපිට පුළුවන් මේ වසරේදී හැකි තරම් ක‍්‍රිකට් ගහන්න. නමුත් ඊට වඩා විශාල දෙයක් තියෙනවා. ඒ පැහැදිලිවම ක‍්‍රීඩකයන්ගේ ආරක්ෂාව යනාදිය සම්බන්ධව. මම හිතන්නේ පේ‍්‍රක්ෂකයන් නොමැතිව වුවද ඔවුන්ට හැකි තරම් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට සියලූ ක‍්‍රිකට් ආයතන කැමැති විය යුතුයි. එසේ නොවුනහොත්, මූල්‍යමය වශයෙන් සෑම ක‍්‍රිකට් මණ්ඩලයක්ම සැලකිය යුතු පීඩනයකට ලක්වෙනවා. එහිදී ක‍්‍රීඩකයන්, පුහුණුකරුවන්, සහායක කාර්ය මණ්ඩලය, බිම් මට්ටමේ කි‍්‍රකට් ක‍්‍රීඩාවටත් බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසා මේ පරිසරය තුළ අපි හැකි තරම් ක‍්‍රීඩා කරන්න සාමූහික කැමැත්තක් අවශ්‍ය වෙනවා.
ප‍්‍රශ්නය : පේ‍්‍රක්ෂකයන් නිතරම කැමැති ක‍්‍රීඩාව සජීවීව නරඹන්න. හිස් ක‍්‍රීඩාංගණවල ක‍්‍රීඩා කිරීම කොතරම් දුරට කළ හැකිද?
පිළිතුර : ඒක නිසැකවම පරමදාර්ශී නොවේ. රසිකයන් ක‍්‍රීඩාවත් එක්ක අවබෝධයෙන් යුතුව ඉන්නවා. රසිකයන්ට විශාල කාර්්‍යභාරයක් ඉටුකරන්න වෙනවා. නමුත් රූපවාහිණී අයිතිවාසිකම් වලින් විශාල මුදලක් උපයන්න ක‍්‍රීඩාව පැවැත්වීමෙන් හැකි වෙනවා. රසිකයන් නොමැතිව සෙල්ලම් කළත් මුදල් ලැබෙනවා. මට සරල උදාහරණයක් දිය හැකියි. කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් මාර්තු 13 වැනිදා සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර තරගය පේ‍්‍රක්ෂකයන් නොමැතිව පැවැත්වූවා. ඒක උණුසුම් තරගයක් බවට මම කියනවා. ක‍්‍රීඩකයන්ට ඔවුන් දෙස බලන අය නැති බව හැෙඟන්න පුළුවන්. නමුත් රූපවාහිනියෙන් ජාත්‍යන්තර ලෝකයේ බොහෝ අයක් මේ තරග නරඹනවා. ඒ නිසා රූපවාහිණිය තුළ බොහෝ ඇහිබැමි තියෙන්න පුළුවන්.
ප‍්‍රශ්නය : විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා ඔබ ගන්නා මතය කුමක්ද? කාලසටහනට අනුව එය ඉදිරියට යා යුතුද?
පිළිතුර : මගේ අදහස නම් මේ වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රීඩා කිරීමට අපි දැඩි උත්සහයක් ගත යුතු බවයි. කරුණු දෙකක් තිබේ. පළමුව එය ක‍්‍රිකට් මණ්ඩල රාශියකට ඔවුන්ගේ ආදායම් ලබා දීමයි. දෙවැන්න ලබන වසරේ ඉන්දියාවේ තවත් විස්සයි විස්ස ලෝක කුසලානයක් තියෙන බව මිනිසුන්ට අමතක කළ නොහැකියි. ඉතින් මේ දින දර්ශනයට ගැලපෙන්නේ කොතැනින්ද? මම හිතන්නේ අපි මේ වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රීඩා කිරීම ක‍්‍රිකට් ලෝකයට කොතම් වැදගත්ද කියන එකයි.
ප‍්‍රශ්නය : ක‍්‍රීඩාව නැවත ආරම්භ වු පසු ක‍්‍රිකට් නැවත වෙනස් වෙන්නේ නැහැ. නමුත් කෘතිම ද්‍රව්‍ය මගින් පන්දුවේ දිස්නයට තියා ගන්න ලවණ ආදේශ කළ හැකි බවට යෝජනා තිබෙනවා. මෙහි අවසන් ප‍්‍රතිඵලය ක‍්‍රීඩාට කෙසේ බලපායිද?
පිළිතුර : කෙටි කාලීනව වෙනසක් සිදුවන බ වමට නිසැකවම කියන්න පුළුවන්. අත් සේදීම සඳහා විෂබීජ නාශක භාවිතා කිරීම, මුහුණු ආවරණ පැළඳීම වැනි දේ මගින් මිනිසුන් සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතු යැයි මම විශ්වාස කරනවා. ලෝකයම එසේ වනු ඇති. ඒ නිසා මම හිතන්නේ ඒක කාලයාගේ ඇවෑමෙන් සාමාන්‍ය තත්ත්වයට පැමිණේවි.
ප‍්‍රශ්නය : ඔබ දැන් කෙටි කලක් ආසියානු උප මහද්වීපයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කර තියෙනවා. පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව වැනි කණ්ඩායම් පුහුණුකිරීමෙන් ලද අත්දැකීම් කෙසේද?
පිළිතුර : අත්දැකීම් තියෙනවා ඇදහිය නොහැකි තරම්. පාකිස්තානයේ මම පුහුණුකර අවුරුදු තුන තුළ ඉතාමත් ආදරයෙන් එය කළ බව විවෘත රහසකි. ඒ අත්දැකීම පුදුම සහගතයි. නමුත් මම දකුණු අප‍්‍රිකාව සමග අවුරුදු පහක් ආදරයෙන් පුහුණු කටයුතු කළා. ඔස්ටේ‍්‍රලියාව සමග මග් බැඳීම මාස 18 කට පසුව කඳුළුවලින් අවසන් වුණා. ශ‍්‍රී ලංකාව මා සඳහා නව ව්‍යාපෘතියක් වන අතර මම ශ‍්‍රී ලංකාවේ ගතකරන කාලය ආසාවෙන් ආදරයෙන් ගත කරනවා. ශ‍්‍රී ලංකාව සුන්දර රටක් වන අතර අපට ඉතා දක්ෂ තරුණ ක‍්‍රීඩකයන් ඉන්නවා. මට කවුරු හරි වරක් කියු දෙයක් තියෙනවා. ඔබ උපමහද්වීපයේ ජාත්‍යන්තර පුහුණුකරුවකු ලෙස කටයුතු කරනතුරු පුහුණුකරුවෙක් වෙන්නෙ නැහැ කියලා. ඒ ගැන මට සම්පුර්ණයෙන්ම සහතික විය හැකියි. උප මහාද්වීපයෙන් පුහුණු කණ්ඩායම් සමග ඉන්ද්‍රජාලික දෙයක් තියෙනවා. මම එය ඇත්තෙන්ම අගය කරනවා. නව සංස්කෘතීන්ගේ අභියෝගයට මම ප‍්‍රිය කරනවා. එය මෙතෙක් මම ඉටු කරමින් තියෙනවා.
ප‍්‍රශ්නය : දකුණු අප‍්‍රිකාවේ හෝ ඔස්ටේ‍්‍රලියාවේ පුහුණු කිරීමට වඩා අප මහාද්වීපයේ කණ්ඩායමක් පුහුණු කිරීම වෙනස් වෙන්නේ කෙසේද? විදේශීය පුහුණුකරුවකු ඒ ප‍්‍රදේශයට යන විට මතක තබා ගත යුතු කරුණු මොනවාද?
පිළිතුර : සංස්කෘතික වෙනස්කම් රාශියක් තියෙනවා. පාකිස්තානයේ පුහුණු කිරීමේ එක් පැතිකඩක් වුණේ එහි ආගමික පැතිකඩ අවබෝධ කර ගැනීමයි. පාකිස්තානයේ තරුණ ක‍්‍රීඩකයන් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කෙරෙහි ඇති ගෞරව මට්ටම එයින් තේරුම් ගන්න පුළුවන්. ඒක ඉන්දියාවෙත් එහෙමයි. සැබෑ ගෞරවයක් තියෙනවා. නමුත් කණ්ඩායමක් ඉදිරියට ගෙන යෑමේදී ක‍්‍රීඩයන් එකිනෙකාට අභියෝග කරන විට සංවාද හට ගන්නවා. එම සංවාද ඔස්ටේ‍්‍රලියාවේ හෝ දකුණු අප‍්‍රිකාවේදී සාමාන්‍ය දෙයක්. නමුත් උප මහාද්වීපයේ මා දකින ගෞරව මට්ටම සහ විවිධ සංස්කෘතීන් නිසා කිසිදු තරුණ ක‍්‍රීඩකයෙක් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකුට අභියෝග නොකරයි. එය ඉතින් සිත්ගන්නා සුළු දෙයක්. කොහොම වුණත් ඇත්තටම එය හොඳ දෙයක් සහ අගය කළ යුතු දෙයක්. නමුත් කණ්ඩායමක් ඉදිරියට ගෙන යෑමටනම් සංවාද පැවැත්වීමට හැකිවිය යුතුයි.
ප‍්‍රශ්නය : දැන් ඔබ ශ‍්‍රී ලංකාවේ පුහුණුකරුවා. ක‍්‍රිකට් ආකෘති තුනෙන්ම ස්ථාවරව සිටීමට ශ‍්‍රී ලංකාව අසමත් වෙලා තියෙනවා. ඉතින් දේශීය ව්‍යුහය සහ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූළව ඔබ කණ්ඩායම සකස් කරන්නේ කෙසේද?
පිළිතුර : අපි උත්සහ කරන්නේ ජාතික ප‍්‍රමිතියක් ක‍්‍රියාත්ම කිරීමටයි. මම දන්නවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇති අතර ඉහළ කාර්යසාධනයක් සහිත ව්‍යුහයක් සකස් කර තියෙනවා. නිශ්චිත ක‍්‍රමයක් තිබීම වැදගත්. ක‍්‍රීඩකයන් හරියටම සිටින්නේ කොතැනද යන්න දැන ගැනීමට එය වැදගත්. ඔබ දැන් බැලූවොත් ශ්‍රේණිගත කිරිම්වල ඔවුන් සිටින ස්ථානයට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. නමුත් සුදු පන්දුවේ ක‍්‍රිකට්වලදි අපි හත්වැනි හෝ අටවැනි ස්ථානවල ඉන්නෙ. අපි ඊට වඩා උසස් විය යුතුයි.
ප‍්‍රශ්නය : මොකද්ද වෙලා තියෙන වැරැුද්ද
පිළිතුර : මේක සිදුවී තියෙන්නෙ ක‍්‍රීඩකයන් කෙරෙහි දක්වන විශ්වාසය නොමැතිකම හේතුවෙන්. ක‍්‍රීඩකයෙක් පැමිණ ඔවුන් අසාර්ථක ඉනිමක් ක‍්‍රීඩා කළ පසු ඔවුන්ට නැවත අවස්ථාවක් ලැබී නැහැ. මම පසුගිය මාස තුන තුළ කිරීමට උත්සහ කර තියෙන්නෙ කණ්ඩායම තෝරා ගැනීමේදී යම් අනුකූලතාවක් ඇති කිරීමයි. ඉතින් ක‍්‍රීඩකයන් දන්නවා ඔවුන් සිටින තැන. ඒත් දුර්වල එක් ස්ථානයකින් පසුව ඔවුන්ව ඉවත් කරන්නේ නැහැ. එහෙම වුණහම වෙන්නෙ ක‍්‍රීඩකයන් ඔවුන් වෙනුවෙන් ක‍්‍රීඩා කිරීම මිස කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කිරීම නොවෙයි. ඒ නිසා මම උත්සහ කරන්නේ මානසිකත්වය ශක්තිමත් කිරීම සහ මධ්‍යස්ථභාවය අනුව විශිෂ්ටතව්යේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට. ඒක දැඩි අභියෝගයක්. ශාරීරිකව, තාක්ෂණිකව සහ මානසිකව අප විසින් තබා ඇති අරමුණු අපගේ ශෛලියට සහ ක‍්‍රීඩකයන්ට ගැලපෙන වෙළෙඳ නාමයක් නිර්මාණය කිරීමට අවශ්‍යයි. අපිට දක්ෂතා තියෙනවා. ඒ නිසා ඉදිරිය සිත් ඇද ගන්නා සුළු ගමන් වනු ඇති.