Home CRICKET ක‍්‍රිකට් විකාශණ අයිතිය විකිණීමෙන් මිලියන 310 ක පාඩුවක්

ක‍්‍රිකට් විකාශණ අයිතිය විකිණීමෙන් මිලියන 310 ක පාඩුවක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීමේදී සිදුව ඇතැයි අක‍්‍රමිකතාව හෙවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට රුපියල් මිලියන 310 ක් පාඩුවක් සිදුව ඇතැයි කෝප් කමිටුව විසින් පෙන්වා දෙයි.
ඇ.ඩො. 18,242.411 ක පාඩුවක් සිදුවිම සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ක‍්‍රිකට් සභාපති සහ ප‍්‍රධාන විධායක ඇතුළු නිලධාරීන් ගෙන්වා ප‍්‍රශ්න කරන ලදී.මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කි‍්‍රකට් විශ්ව විද්‍යාලයක් සෑදීම සඳහා වසර 30 කට මල්වතු පාර්ශ්ශවයෙන් ලබාගත් ඉඩමට රුපියල් මිලියන 50 ක් ක‍්‍රිකට් විධායක කමිටුව විසින් අනුමත කර තිබුණද මල්වතුරු පාර්ශ්ශවයේ මහනාහිමියන්ට ලැබී ඇත්තේ රුපියල් මිලියන 25 ක් පමණක් බැවින් ඒ ගැන සොයා බැලීමට විගණකාධිපතිවරයාගේ සහය ලබාගැනීමටද කෝප් කමිටුව තීරණය කර ඇත.