සංගා වගේ ගුණතිලකත් අපිට ‘ඇණයක්’ වෙනවා – පාකිස්තාන් පුහුණුකරු මිස්බා කියයි

පාකිස්තානයේ වත්මන් ප‍්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක්ට හදිසියේ කුමාර් සංගක්කාර මතක් වූ බව පවසයි. ඒ ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක දෙවැනි එක්දින තරගයේ ශතකයක් සහ විස්සයි විස්ස තරගයේ අර්ධ ශතකයක් ලබා ගත් නිසා ඔහුට එසේ මතක් වූ බව පැවසීය.
‘‘මට සංගක්කාරව මතක් වුණා. අපි ඉස්සර ශ‍්‍රී ලංකාවත් එක්ක ක‍්‍රීඩා කරන විට හැමදාම කුමාර් සංගක්කාර අපිට කරදරයක් වෙලා තිබ්බා. දැන් ඒ කරදය අපිට ධනුෂ්ක ගුණතිලක කරනවා. ඔහු සංගක්කාර වගේම අපිට දෙවැනි එක්දින තරගයේ සහ පළමු විස්සයි විස්ස තරගයෙදී කරදයක් වුණා. නවක ශ‍්‍රී ලංකා කණ්ඩායමට ගුණතිලක ඉතාමත් හොඳම ක‍්‍රීඩකයෙක්. ඔහු විශිෂ්ඨ ලෙස පන්දුවට පහර දෙනවා.’’ යැයි පාකිස්තාන් පුහුණුකරුවා පවසයි.
ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් ගැනද පැහැදීමකින් මිස්බා අදහස් දක්වද්දී පාකිස්තානයේ තමාට සුදුසු සියලූම ක‍්‍රීඩකයන්ට විස්සයි විස්ස ලෝක කුසලානට පෙර අවස්ථාව දෙන බවද පැවසීය. පාකිස්තාන් ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින තේරීම් ප‍්‍රධානියාද මිස්බා වෙයි.