Home CRICKET නවසීලන්ත ටෙස්ට් සටනේදී හතක් හැලෙයි

නවසීලන්ත ටෙස්ට් සටනේදී හතක් හැලෙයි

නවසීලන්තය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් මූලික සංචිතයේ 22 දෙදෙනාගෙන් හත්දෙනකු ඉවත් කරමින් අවසන් සංයුතිය ක‍්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද මුලික සංචිතයේ සිටි ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, අසිත ප‍්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය සහ චාමික කරුණාරත්න ඉවත් කර තිබේ. කෙසේ වෙතත් අවසන් වරට ටෙස්ට් සංචිතයේ නොසිටි ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය සහ ලසිත ඇඹුල්දෙණිය අවසන් සංයුතිය සඳහා තෝරාගෙන තිබේ.
දිනේෂ් චන්දිමාල් මෙම වසරේ ඔස්ටේ‍්‍රලියානු සංචාරයෙන් පසුව කණ්ඩායමට ඇතුළු වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් සහ අසනීප තත්ත්ව හේතුවෙන් දකුණු අපි‍්‍රකානු සංචාරයෙන් ඉවත් විය. මීට අමතරව නැගී එන කණ්ඩායමේ සහ ‘ඒ’ කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ලසිත ඇඹුල්දෙණියද ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව තිබේ.
ආබාධය සියයට සියයක් සුව නොවීමෙන් දඟ පන්දු යවන ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරාවද කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට ලසිත ඇඹුල්දෙණිය සහ අකිල ධනංජය ප‍්‍රධාන දඟ පන්දු යවන්නන් වශයෙන් ක‍්‍රීඩා කරනු ඇත.
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක*, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප‍්‍රනාන්දු, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු