කොදෙව් සටනට ශ්‍රී ලංකා බල අණිය සූදානම්….

ලබන පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලයි සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ඒ අනුව දරට අතර පැවැත්වෙන එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 35ක් ඇතුළත් වේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පරික්ෂණයක් පසුගියදා පැවැති අතර එහිදී ක්‍රීඩකයින් 8 දෙනකු අදාළ පරික්ෂණයෙන් අසමත් වී තිබේ. ඒ අනුව එම අසමත් වූ ක්‍රීඩකයින් හට නැවතත් ලබන පෙබරවාරි මස මුල් සතියේදී තවත් යෝග්‍යතා පරික්ෂණයකට පෙනී සිටිමට අවස්ථාව ලබා දී ඇති අතර එහිදීද අසමත් වන ක්‍රීඩකයින්ට අදාළ සංචාරය අහිමි වේ.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එළැඹෙන පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව එංගන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම කොදෙව් දූපත් බලා පියාසර කිරීමට නියමිත අතර එහිදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පිටත්ව යනු ඇත.
දැනට නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණරත්න, කුසල් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනොද් බනුක, පැතුම් නිශ්ශංක, රොෂෙන් සිල්වා, අවිෂ්ක ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, කමිඳු මෙන්ඩිස්, අෂෙන් බන්ඩාර, භානුක රාජපක්ෂ, සන්තුෂ් ගුණතිලක, දසුන් ශානක, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය,වනීදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, දිල්ෂාන් මධුශංක, කුසල් මෙන්ඩිස්