Home CRICKET 27 වසරක අපරාජිත බව රැුක ගන්න දිමුත් කියන කතාව

27 වසරක අපරාජිත බව රැුක ගන්න දිමුත් කියන කතාව

‘‘දෙපැත්තටම ගොඩක් වැදගත් තරගයක් තමයි මේක. පළමු තරගය වැස්සට සේදිලා ගිය නිසා තරගාවලියේ ජය ගන්න මේ තරගය ජය ගන්නම ඕන. ඒ වගේම ලෝක ටෙස්ට් ශූරතාවයේ ඉහළට එන්න අවශ්‍ය ප‍්‍රසාද ලකුණු ලබා ගන්න අපි මේ තරගය දිනන්න ඕන. දැන් ඉන්දියාව තමයි අංක එකට ඉන්නෙ. දෙවැනි තැන ඉන්නෙ ඔස්ටේ‍්‍රලියාව. බලාපොරොත්තු වෙනවා තරගය දිනලා ලෝක ටෙස්ට් ශූරතා ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළට එන්න.’’
ශ‍්‍රී ලංකාව 1992 වසරේ සිට පාකිස්තානුවන්ගේ නිජ බිමේදී කිසිදු ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොමැත. අරවින්ද ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල අවසන් වරට පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් පරාජය වු වකවානුවේ පාකිස්තාන් පිලේ නායකයා වුයේ වත්මන් අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වීමද විශේෂත්වයකි. එම අපරාජිත වර්තාව ඉදරියට රැුගෙන යෑමට උත්සහ කරන බවද දිමුත් පවසයි.
‘‘අපරාජිත බව තමයි අපි රැුක ගන්න ඕන. හැමෝම ක‍්‍රීඩා කරන්නෙ තරග ජය ගන්න. ඒ වගේම මේ තරගාවලිය ජය ගන්න මේ තරගය දිනන්නම ඕන. අපි එක් වෙනස්කමක් විතරයි කරන්නෙ. තණකොළ ටිකක් තණතීරුවේ තියෙනවා. අපි දැනට 12 දෙනෙක් නම් කරලා තියෙනවා. කසුන් රාජිත වෙනුවට අද අසිත ප‍්‍රනාන්දු හෝ ලසිත් ඇඹුල්දෙණිය ක‍්‍රීඩා කරනවා.’’
‘‘ ඕනෑම තරගයකදී අලූත් පන්දුවෙන් වේග පන්දු යවන්නන්ට පොඩි වාසියක් තියෙනවා. ඒ නිසා තමයි පළමු තරගයේදී මමයි ඕෂධයි අවබෝධයකින් පන්දුවට පහර දෙන්නෙ. හැබැයි ඒ තරගයේදී දිවා ආහාරයෙන් පස්සෙ ඔවුන් සැලසුමක් ඇතිව ඇවිල්ලා පීඩනයක් ලබා දුන්නා. ඔවුන් ලකුණු ලබා ගන්න මාර්ග අවහිර කරපු නිසා තමයි කඩුලූ වැටුණේ. අපිත් ඒ වෙනුවෙන් සැලසුමක් හදාගෙන ක‍්‍රීඩා කළ යුතුයි.’’
‘‘මට බංග්ලාදේශයට කියන්න බැහැ පාකිස්තානයට එන්න කියලා. ඒක ඒ අය තීරණය කළ යුතුයි. හැබැයි මට කියන්න පුළුවන් අපි ආරක්ෂාව ගැන සියයට සියයකටත් වඩා සෑහීමකට පත්වෙනවා කියලා. ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මගේ කණ්ඩායමේ සියලූම දෙනා ඒ ගැන තෘප්තිමත්. අපි ඕනෑම වෙලාවක ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස ගහන්න පාකිස්තානයට අනාගතයේදී එනවා.’’ යනුවෙන් පැවසීය.
‘‘පාකිස්තානයට ඇවිල්ලා ක‍්‍රීඩා කිරීම ගැන ලෙහෙසියෙන් හිතන්න බැහැ. මොකද අපි හැම විටම හරි තීරණය ගන්න ඕන. වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකු ආබාධවලට ලක්වුණත් ඉන්න අය දැනගන්න ඕන ඒ අඩුව පිරිමසාගෙන ඉදිරියට යන්න.’’
ශ‍්‍රී ලංකා කණ්ඩායම පෙරේදා කරච්චි නුවර මුහුදු තීරය අසල අවන්හලකදී රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය ලබාගත් අතර එම ස්ථානය ඉතාමත් අලංකාර බවත් සියලූ දෙනාම එම රාත‍්‍රී භෝජන සංග‍්‍රහය භුක්ති විඳි බවද දිමුත් පවසයි.