විස්සයි විස්ස ශ්‍රේණියේ ශ‍්‍රී ලංකාව ඉහළ නගියි

විස්සයි විස්ස ශ්‍රේණියේ ශ‍්‍රී ලංකාව ඉහළ නගියි
තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය 2-0 කින් පරාජය කළ ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස ජාත්‍යන්තර නව ශ්‍රේණිගත කිරීම් අනුව පියවරක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනූව ඇෆ්ගනිස්තානය පසු කළ ශ‍්‍රී ලංකාව මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණියේ හත්වැනි තැනට පත්විය.
පාකිස්තානය සමග තරගාවලිය ආරම්භ වීමට පෙර ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 229 ක් ලබා විස්සයි විස්ස ශ්‍රේණිය් අට වැනි ස්ථානයේ රැුදී සිටි අතර අදාළ ජයත් සමග ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 237 දක්වා ශ‍්‍රී ලංකාවේ ඉහළ නැගුණි. ඒ අනුව ඇෆ්ගනිස්තානය ප‍්‍රසාද ලකුණු 235 ක් ලබා අටවැනි තැනට පත්විය.
එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වීමට සිදුවුයේද විස්සයි විස්ස ශ්‍රේණියේ අටවැනි ස්ථානයේ පසුවීම හේතුවෙනි.
විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම්
කණ්ඩායම ලකුණු
1.පාකිස්තානය 277
2.එංගලන්තය 266
3.ද.අප‍්‍රිකාව 262
4.ඉන්දියාව 261
5.ඔස්ටේ‍්‍රලියාව 261
6.නවසීලන්තය 252
7.ශ‍්‍රී ලංකාව 237
8.ඇෆ්ගනිස්තානය 235
9.බ.ඉ.කොදෙව් 224
10.බංග්ලාදේශය 223