Home CRICKET පෙබරවාරියේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නව මුහුණුවරක්

පෙබරවාරියේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නව මුහුණුවරක්

කෝසල ගමගේ
ලබන පෙබරවාරි මස දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සදහා නවක ක්‍රීඩකයකු වන අවිශ්ක ප්‍රනාන්දු කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
තවද නම් කර ඇති එම සංචිතයට ඉසුරු උදාන, කමිදු මෙන්ඩිස්,අකිල ධනංජය,මිනෝද් භානුක, මිලින්ද සිරිවර්ධන සහ තරිදු කෞෂාල් වැනි ක්‍රීඩකයින් රැසක් එක්කර ඇති අතර කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ ලහිරු කුමාර වැනි ක්‍රීඩකයින් රැසක් සංචිතයෙන් ඉවත් කිරීමද විශේෂත්වයකි.
ඒ අනුව නම් කර ඇති එක්දින සංචිතය
ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස්, තිසර පෙරේරා, අකිල ධනංජය, ඉසුරු උදාන, සුරංග ලක්මාල්,ලසිත් මාලිංග (නායක), දුශ්මන්ත චමීර, මිනෝද් භානුක, මිලින්ද සිරිවර්ධන, තරිදු කෞෂාල්, දසුන් ශානක