චන්දිමාල්ට වැඩ පෙන්නන්න තවත් අවස්ථාවක්, ඔසදටත් ස්ථාන මාරුවක්

කෝසල ගමගේ
එළැඹෙන දෙසැම්බර් මස පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා නැවතත් දිනේෂ් චන්දිමාල් එක්කර තිබීම විශේෂත්වයක් වන අතර ඔසද ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවකු ලෙස යොදා ගැනීමේ සූදානමක් පවතිණ බවද වාර්තාවේ.
අයිසීසී ටෙස්ට් ශූරතාවලිය යට‌තේ පැවැත්වෙන මෙම තරගාවලියට පළපුරුදු ක්‍රීඩකයන් රැසක් එක් කර තිබෙන අතර පළමු තරගය දෙසැම්බර් 11 වැනිදා රාවල්පින්ඩි හිදීත් දෙවන තරගය දෙසැම්බර් 19 වැනිදා කරච්චි හිදීත් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
දිමුත් කරුණරුරත්න සමඟ අවසන් වරට ටෙස්ට් තරගවලදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ලහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවකු ලෙස ඔහුගේ ඉනිම 12 කදී වාර්තා කළේ එක් අර්ධ ශතකයක් පමණි. එබැවින් ඔහු බොහෝ විට අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතින බවද වැඩි දුරටත් වාර්තා වේ .
නම් කළ සංචිතය
දිමුත් කරුණාරත්න (නායක*, ඔසද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, දිනේශ් චන්දිමාල්, ලක්ෂාන් සදකැන්,ලහිරු කුමාර