ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 19වන අදියර

ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 19වන අදියරේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය අද නිමාවුණි.

එහිදි හොඳම කාලය වාර්තා කළේ මර්සිඩිස් කණ්ඩායමේ වැලටරි බොටාස් විසින්.

ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 19වන අදියර අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතයි.

එම අදියරේ පුහුණු සැසිය ඊයේ පැවැත්වුණි.

එම පුහුණු සැසියේදී හොඳම කාලය වර්තා කරමින් පළමු ස්ථානය දිනා ගත්තේ මර්සිඩිස් කණ්ඩායමේ වැලටරි බොටාස් විසින්.

ෆෙරාරි කණ්ඩායම නියෝජනය කළ සෙබෙස්තියන් වේට්ල් දෙවන ස්ථානය දිනා ගත් අතර තුන්වන ස්ථානය  රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන්ට හිමිවුණි.

මෙම පුහුණු සැසියේදී ලෝක ශූර මහා බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්ට පස්වන ස්ථානය හිමිවු අතර ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නම් හැමිල්ටන්ට මෙවර අදියරේ ජයග්‍රහණය අත්‍යවශ්‍යයි.