Home CRICKET දිල්ලි කැපිටල්ස් පරදා සන්රයිසස් හයිද්‍රාබාද් පළමු ජය ලබයි

දිල්ලි කැපිටල්ස් පරදා සන්රයිසස් හයිද්‍රාබාද් පළමු ජය ලබයි

රශීඞ් ඛාන්ගේ පන්දු යැවීම සහ ජොනී බෙයාස්ටෝගේ පිතිකරණය හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජය වාර්තා කිරීමට ඊයේ (29 වැනිදා) සමත් විය. ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වූ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තරගාවලියේ පළමු පරාජය අත්විඳීමට සිදු විය.
අබුඩාබිහී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 162ක අභියෝගයක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලබා දුන්නේය. සන්රයිසස් ඉනිම ආරම්භ කළ ඬේවිඞ් වෝනර් සහ ජොනී බෙයාස්ටෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් විය. වෝනර් ලකුණු 45ක් සහ ජොනී බෙයාස්ටෝ පන්දු 48කදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. කේන් විලියම්සන් පන්දු 26කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 41ක් සිය ඉනිමට එක් කළේය.
ලකුණු 163ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 147කට සීමා කිරීමට සන්රයිසස් පන්දු යවන්නෝ සමත්වූහ. රශීඞ් ඛාන් ලකුණු 14කදී දිල්ලිකැපිටල්ස් ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර බුවනේෂ්වර් කුමාර් ලකුණු 25කට කඩුලු 2ක් බිඳ දැමීය. කලීල් අහමඞ් සහ ටීත නට්රාජන් එක් කඩුල්ල බැගින් බිඳ දැමීමට සමත් විය.