විස්සයි විස්ස ලෝක කුසලාන කාල සටහන ප්‍රකාශයට පත් කරයි

එළඹෙන වසරේ (2020) ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට අදාලව කාල සටහන මේවන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ලබන වසරේ ඔක්තෝබර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා හොඳම කණ්ඩායම් 16 තරඟ වැදීමට නියමිතව ඇති බව සඳහන්.

විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ තරඟ 12ක් ඔක්තෝම්බර් 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්වේ.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමද සුදුසුකම් ලැබීමේ තරඟ වලට සභාගීවීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 18 , 20 සහ 22 යන දිනයන් හිදී බව දැක්වේ.

ඔක්තෝම්බර් 23 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා සුපිරි 12 වටයේ තරඟ පැවැත්වීමට නියමිත බව අයි.සී.සී නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර තරඟාවලියේ විකාශන අයිතිය ස්ටාර් ස්පෝට්ස් ආයතනය වෙත ද හිමිවී ඇති බව සඳහන්

⏺️හොඳම 12 දෙනාගේ කණ්ඩායම :

පළමු කාණ්ඩය යටතේ :-

පකිස්ථානය
ඔස්ට්‍රේලියාව
බටහිර ඉන්දීය කොදෙව්
නවසීලන්තය
පළමු වටයේ කණ්ඩායම ඇ (කණ්ඩායම 1)
පළමු වටයේ කණ්ඩායම ඹ් (කණ්ඩායම 2)

දෙවන කාණ්ඩය යටතේ :-

ඉන්දියාව
එංගලන්තය
දකුණු අප්‍රිකාව
ඇෆ්ගනිස්තානය
පළමු වටයේ කණ්ඩායම ඇ (කණ්ඩායම 1)
පළමු වටයේ කණ්ඩායම ඹ් (කණ්ඩායම 2)

සටහන : නුවන් ජයතිස්ස