ටී 10 ගිය දසුන් ශානක සහ ඇන්ජ‌ලෝ මැතිව්ස් කරට කර සටනක

පසුගියදා අබුඩාබි හිදී ආරම්භවූ ටී 10 පන්දුවාර 10 ශූරතාවයට අදාළව පළමු දිනයේදී පැවැති තරග 3ට සහභාගී වූ ශ්‍රී ක්‍රීඩකයන් අතුරින් දසුන් ශානක(ලකුණු 37), ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 22)ක් සහ නිරෝෂන් දික්වැල්ල (ලකුණු 17) පිත්තෙන් දස්කම් දක්වද්දී දුෂ්මන්ත චමීර (කඩුලු 1), නුවන් ප්‍රදීප් (කඩුලු 1)ක් සහ ලහිරු කුමාර (කඩුලු 2)පන්දු යැවීමෙන් දස්කම් දැක්වීමට සමත්විය.
කෙසේවෙතත් එහිදී තම පළමු තරගයන්ට මුහුණදුන් කුසල් ජනිත් සහ ලසිත් මාලිංග යම් ආසාර්ථකත්වයන් පෙන්නමු කළ අතර ඇන්ඩ්‍රි රසල්, ඔයින් මෝර්ගන් සහ ශේන් ‌වොට්සන් අර්ධ ශතක වාර්තා කරමින් විශිෂ්ඨ දස්කම් දැක්වීය.

පළමු දිනයේ තරග ප්‍රථිපල
මරතා ඇරබියන්ස් කණ්ඩායම පරාජය කරමින් නොදර්න් වොරියර්ස් කණ්ඩායමට කඩුලු 9ක ජයක්
ඩෙකන් ග්ලැඩියේටර්ස් පරාජය කරමින් දිල්හි බුල්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
ටීම් අබුඩාබි කණ්ඩායම සහ ක්වාලන්ඩර්ස් අතර තරගයේදී කණ්ඩායම් 2ම ලකුණු 103 බැගින් ලබාගත් නිසා ජය පරාජයෙන් තොරව අවසන් වීම විශේෂත්වයකි.